බහින්බස්වීම දුරදිගගොස් පහරකෑ හිටපු පොලිස් සැරයන් රෝහලේදී මරුට

220

සැකකරු අත්අඩංගුවට

ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියේ සේවය කළ පොලිස් සැරයන් වරයෙකු පෙරේදා (23) රාත්‍රි පුද්ගලයෙකු විසින් කළ පහර දීමකින් පසු රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි ත්‍රිකුණාමලය පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය 5 කණුව ප්‍රදේශයේ පදිංචි පාලිත එදිරිසිංහ (60) නම් විශ්‍රාම නිවාඩු සහිතව සිටි සජන් වරයෙකි.

බහින් බස්වීමක් දුර දිග යෑමෙන් මෙම පහරකෑමට ලක්වූ සැරයන් වරයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත. පහරදීම සිදු කළ බවට සැකකරන මහමායාපුර පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙතෙම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයරත්න මහතා ගේ උපදෙස් මත සිදුකිරීමට නියමිතය.

කන්තලේ – ඩබ් එම් වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment