අයිස් සහ ඈෂ් සමග කොටුවූ පොලිසියේ දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන්න නියෝග

368

අයිස් මත්ද්‍රව්‍ය හා ඈෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිට දුම්මලසූරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ පොලිස් නිලධාරියා හා හිටපු පොලිස් නිලධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුලියාපිටිය වැඩබලන මහෙස්ත්‍රාත් ආසිරි ප්‍රනාන්දු මහතා නියම කළේය.

එලෙස රැඳවුම් නියෝග ලබාගෙන තිබුණේ කලක් පොලිස් සේවයේ සිට වැඩ තහනමකට ලක්ව තිබූ උඩුබද්දාව හේනෙගෙදර පදිංචි පුබුදු රත්නායක හා මේ වනවිටත් කිරුලපන පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටින කහටගස්දිගිලිය රත්මල්ගහවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ චාමර පුෂ්පකුමාර නමැත්තන් සඳහාය.

බුන්නැහැපොල ප්‍රදේශයේදී පළමු සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5.22ක් සමගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර දෙවැනි සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6.15ක් හා ඈෂ් ග්‍රෑම් 20ක්

සමගින් ලැබී තිබූ බුද්ධි තොරතුරකට අනුව දුම්මලසූරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණ.

කෙසේවෙතත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ඉල්ලීම අනුව අධිකරණය මගින් එසේ රැඳවුම් නියෝගයට අවසර ලබාදී තිබූ අතර අද(06) එම නඩුව නැවත කැඳවීමට නියම කර තිබිණ.

දුම්මලසූරිය පොලිස්ථානයේ නඩු මෙහෙයුම් අංශයේ උප පොලිස් පරීක්‍ෂක ෂෙල්ටන් මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment