පිහියකින් කපා බිරිඳ ඝාතනය කරලා – සැමියා සැකපිට අත්අඩංගුවට

174

මොනරාගල පොලිස් වසමට අයත් කුඹුක්කන මදුරුකැටිය තේන්ගමලේ පදිංචි තිදරු මවක් ඊයේ (17දා) අලුයම පිහියකින් කපා ඝාතනය කර ඇතැයි මොනරාගල පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ සිදම්බරම් ලෙච්චමී (47) නමැති තිදරු මවකි. ඇයගේ සැමියා මත්දියර පානයට ඇබ්බැහි වී සිටින අයෙකි. ඉකුත් (16) වෙනිදා රාත්‍රී මත් දියර පානය කොට පැමිණ ඇති සැමියා බිරිඳ සමඟ බහින්බස්වී ආරවුලක් ඇතිකරගෙන බිරිඳ නින්දට ගිය අවස්ථාවේ අලුයම් 1.00 පමණ නිදිපැදුරේ සිටි ඇයව පිහියකින් කපා ඇති අතර නිදිපැදුරේම ඇය මියගොස් ඇත. ඇයගේ සිරුර පුරා කැපුම් තුවාල දක්නට ඇති බව පොලිසිය සඳහන් කරයි. සැකකරු මොනරාගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය මොනරාගල දිසාවිනිසුරු සහ මහෙස්ත්‍රාත් ඒ. එල්. සජිනී අමරවික්‍රම මහත්මිය විසින් පවත්වනු ලැබුවාය. පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. මොනරාගල වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ජානක රත්නසිරි මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment