මරණ තර්ජන ඇතැයි කියමින් ප්‍රංශයට ගිය අයි පී දුමින්ද හෙට නාවොත් පොලිසියෙන් ඉවතට

883

තමාට මරණ තර්ජන ඇතැයි ප්‍රංශයේ සිට මාධ්‍යයට ප්‍රකාශයක් කළ කොළඹ අපරාධ කොට්ඨාශයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දුමින්ද ජයතිලක මහතා හෙට (6 දා) යළි සේවයට වාර්තා නොකළහොත් ඔහු සේවයෙන් නෙරපා හරින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.

මෙම පොලිස් පරීක්‍ෂකවරයා විදේශගතවී සිටියත් ඔහු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වන බවද එම පොලිස් ප්‍රකාශකයා කීය.

රාජකාරි නිවාඩු ලබාගෙන එතෙර සංචාරයකට ගිය ඒ මහතා ආපසු රාජකාරියට වාර්තා කිරීමට නියමිතව ඇත්තේ හෙට දිනයේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment