ජිප්සීස් ගාලු පාරේ

233

සුනිල් පෙරේරා එහෙමත් නැතිනම් ජිප්සීස් නායක සුනිල් අයියා කියන්නේ අපේ රටේ බාල මහලු සියලුදෙනාගේ ආදරය දිනාගත් චරිතයකි. ජිප්සීස් සංගීත කණ්ඩායම සමග දශක ගණනාවක් මෙරට ගීත ලෝලීන්ව ආමන්ත්‍රණය කළේය. සැබැවින්ම ජිප්සීස් සුනිල් පෙරේරා කියන්නේ ලංකාවේ ගීත කලාවේ සලකුණකි. පසුගිය වසරේ ආදරණීය සුනිල් අයියා අප සියලුදෙනාගෙන්ම සමුගෙන යනවා.

ඔහු ජීවත්ව සිටින කාලයේ දී හැදුණු ඔහුගේ අවසන් ගීතය ගාලුපාරේ ගීතය පසුගියදා අන්තර්ජාලයට මුදාහැරියා. ගාලුපාරේ ගීතය මීට වසර කලකට ඉහතදී නිර්මාණය වුණු ගීතයක්. පැරණි ජිප්සීස් රසය මේ ගීතයට මුසුකර තිබීම මේ ගීතයේ තිබෙන සුවිශේෂත්වයකි. මෙම ගීතයේ පද රචනය චන්ද්‍රදාස ප්‍රනාන්දු විසින් සිදුකර තිබෙන අතර සංගීතය දුෂාන් ජයතිලක විසින් සිදුකර ඇත. ගීතයේ රූප රචනය ඇනිමේෂන් තුළින් සිදුකර තිබෙන අතර ලංකාවේ නම ලෝකයට ගෙන ගිය රැන්ඩි ක්‍රිස් එය නිර්මාණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment