ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ මුහුණු තුනක් ගැලවේ

226

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කළ දුමින්ද දිසානායක මහතා වෙනුවට මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන මහතා පත්කර තිබේ.එසේම භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් කළ ලසන්ත අලගියවන්න මහතා වෙනුවට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා පත්කර ඇත. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතාව ද අද එම ධුරයෙන් ඉවත් කෙරුණු අතර ඒ වෙනුවට සරත් ඒකනායක මහතාව පත් කළේය.අද (30) පක්ෂ මූලස්ථානයේදී ශ්‍රීලනිප විධායක සභාව රැස්වී මෙම තීරණ ගෙන තිබේ. තමන් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමට එරෙහිව දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න යන මහත්වරු සමග නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment