තායිලන්ත කැංසාවරී මසකට පසු ප්‍රදර්ශනයට

125

තායිලන්තයෙන් රැගෙන ආ කැංසාවරි පක්ෂීන් මසක කාලයකින් පසු මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව දෙහිවල ජාතික සත්වෝද්‍යානය පවසයි.

ලොව දෙවැනි විශාලතම පක්ෂීන් කාණ්ඩයට සහ දරුණුම පක්ෂි ගණයට අයත් මෙම පක්ෂීන් අතර මාස 9 ක් වයසැති පිරිමි සතුන් දෙදෙනකු සහ ගැහැනු සතකු සිටින බව එම සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු මහත්මිය පැවසුවාය.

06 දා මෙරටට රැගෙන ආ මෙම පක්ෂීන් මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇත.

පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment