කෘතීම බුද්ධිය (AI) උපයෝගී කරගත් ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළ කොමර්ෂල් බැංකුවේ ‘වයිබ්’ ගිණුම WIM සම්මානය දිනයි

130

කොමර්ෂල් බැංකුවේ ‘වයිබ්’ තරුණ ගිණුම ප්‍රවර්ධනය කිරීම උදෙසා කෘතීම බුද්ධිය භාවිත කරමින් සිදුකළ ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරය, ජාතික තරුණ සේවා සභාව සහ Women in Management සංවිධානයේ සම්මාන උළෙලේදී ‘වසරේ තරුණ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන’ සම්මානය දිනා ගත්තේය.

‘වයිබ්’ විසින් ප්‍රබෝධමත් කරන ‘හෙට දිනය ඔබේමයි’ යන ප්‍රචාරක ව්‍යාපාරය, තරුණ තරුණියන්ට ඔවුන්ගේ ජීවිතය සහ අනාගතය කෙරෙහි තිබූ ආශාව නැවත පණ ගැන්වීමට කටයුතු කළ අතර, හැකියාවන් නිමක් නැති බව ඔවුන්ට පෙන්වීමට කෘතීම බුද්ධි තාක්‍ෂණය භාවිත කරන ලදී. මෙලෙස කෘතීම බුද්ධියේ සහාය ඇතිව මෙම ව්‍යාපාරය තරුණ පරපුරට ඔවුන්ගේ සිහින අනාගතය දැකගන්න අවස්ථාව ලබා දුන්නා පමණක් නොව, එම සිහින සාක්‍ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ට කළ හැකි දේ පිළිබඳ මග පෙන්වීමක්ද ලබා දුන්නේය.

www.yourvibe.lk අඩෙවිය මෙන්ම Meta, Instagram, Linkedin, Google Ads සහ මාධ්‍ය ආයතන කිහිපයක වෙබ් අඩවි සහ ජනප්‍රිය සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් සමූහයක් මගින් ප්‍රවර්ධනය කරන ලද ‘හෙට දිනය ඔබේමයි’ ඩිජිටල් ප්‍රවර්ධනය අනාගත සිහින 5,000කට වඩා නිර්මාණය කිරීමට උපකාරී විය. ඉලක්ක කරගත් තරුණ ප්‍රේක්‍ෂකයින්ගෙන් 88%ක් සමග මාස 3ක කාලයක් තුළ සම්බන්ධවී 6,000කට අධික උත්පාදනයන් ජනනය කළ මෙම වැඩසටහන ‘වයිබ්’ ගිණුම් සංඛ්‍යාවේ සැලකිය යතු වර්ධනයකට දායක වූ බැව් බැංකුව පවසයි.

2020දී හඳුන්වා දෙන ලද කොමර්ෂල් බැංකුවේ ‘වයිබ්’ ගිණුම නිර්මාණය කර ඇත්තේ, තරුණ තරුණියන්ට ඔවුන්ගේ අභිලාෂයන් ඉදිරියට ගෙන යෑමට සහ ගිණුම් හිමියන්ගේ ක්‍රීඩා ජයග්‍රහණ සඳහා ත්‍යාග පිරිනමන විශේෂ ප්‍රතිලාභ සමගින් ජීවිතයේ වඩාත්ම තීරණාත්මක අවධියකට සහාය වීම සඳහාය.

කොමර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී – අලෙවිකරණ ඉරෝෂා වෙත්තසිංහ මහත්මිය සහ අලෙවිකරණ අංශයේ විධායක නිලධාරී ගිම්හානී අලහකෝන් මහත්මිය විසින් බැංකුව වෙනුවෙන් සම්මානය පිළිගන්නා ආකාරය සේයාරූවෙන් දැක්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment