විපක්ෂය ඒකාබද්ධ කරන්න පස් කට්ටුවක් වැඩ: හිටපු ආණ්ඩුකාරවරු තිදෙනෙක් පෙරමුණේ

392

රජයට එරෙහිව විපක්ෂය ඒකාබද්ධ කිරීම සඳහා හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනකු ඇතුළු පස් දෙනෙක් බලවත් උත්සාහයක නිරතව සිටිති.

විපක්ෂය ඒකාබද්ධ කරන්න පස් කට්ටුවක් වැඩ: හිටපු ආණ්ඩුකාරවරු තිදෙනෙක් පෙරමුණේ

මේ සඳහා හිටපු ආණ්ඩුකාරවරුන් වන මෛති‍්‍ර ගුණරත්න, අසාද් සාලි, කීර්ති තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නීතිඥයන් වන ශිරාල් ලක්තිලක, ගුණරත්න වන්නිනායක යන මහත්වරුන් සම්බන්ධව සිටින බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

මෙහි පළමු පියවර ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එහි මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන් සමග සාකච්ඡා කළ බවද ඒ මහතා පැවසීය.

මේ ආකාරයෙන් ජනවාරි 02 වැනිදා සමගි ජනබලවේගය හමුවීමට දින යොදාගෙන තිබෙන බවද තෙන්නකෝන් මහතා කීවේය. මීට අමතරව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු කණ්ඩායම් 11 ක් හමුවීමට සාකච්ඡා කර ඇති බවද පැවසීය.

රටේ ඇතිවී තිබෙන මානව හිමිකම් ප‍්‍රශ්න ඇතුළු විවිධ ගැටලූවලට විපක්‍ෂයක් ලෙස නිසියාකාරව මුහුණ නොදෙන බවට පෙනී යන නිසා ඔවුන් සියලූ දෙනා ඒකාබද්ධ කර ශක්තිමත් විපක්‍ෂයක් ලෙස ඒකාබද්ධ කිරීමට මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කරන බව කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

දැනට රටේ ජනතාව ආණ්ඩුවට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කළත් ඔවුන්ට නායකත්වයක් ලබාදිය හැකි විපක්‍ෂයක් රටේ නොමැති නිසා එවැනි බලවේගයක් ගොඩනඟීම තම කණ්ඩායමේ එකම අරමුණ බවද කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment