උදාවන සතියේ ඔබේ දෛවය

1135

දෙසැම්බර් 26 දා සිට

මේෂ

සතිය ආරම්භයේදී තිබූ අසහනකාරී බවක් පසුව ඉවත්වනු ඇත. ගෘහ ජීවිතය මිශ‍්‍රඵලදායකයි. බිරි`ද හෝ සැමියාට සුබඵල දායකයි. දරුවකුට අපලයි. දරුවන්ගේ කටයුතු ගැන විශේෂ අවධානය යොමුකිරීම වැදගත්ය. රැුකියා හා ව්‍යාපාර කටයුතු වල ප‍්‍රගතියට කරුණු සිදුවනු ඇත. අධ්‍යාපන කටයුතු වලටද බාධා ඇති බව පෙනේ. විවාහාපේක්‍ෂිත පෙම් සබ`දතා වලට බාධා ඇති වේ. ඌෂ්ණාධික රෝග, නීති ගැටලූ ඇතිවීමට ඉඩ ඇති නිසා ප‍්‍රවේශම් වෙන්න. මෙම සතියේ සුබ කටයුතු සදහා සදු, ගුරු, කිවි දින අංක 2, 5, 6 සුදු, කහ, මිශ‍්‍රලා වර්ණ සුබයි.

වෘෂභ

ගෘහ ජීවිතය පිළිබ`දව මිශ‍්‍රඵලදායක බවක් පෙන්වන නමුදු දැඩි ලෙස අවිවේකී බවක් පෙන්වයි. ගෘහ ජීවිතයේ සතුටට බාධා ඇතිවිය හැකියි. කලට වේලාවට ආහාර ගැනීම පවා අතපසුවිය හැකියි. බිරි`ද හෝ සැමියාට තරමක් අපලයි. නමුත් ආදායම් මාර්ග ඉහළ යයි. උසස් මිතුරන් හදුනාගැනීමට ලැබේ. විවාහපේක්‍ෂිත පෙම් සබ`දතා වලට බාධා පවතී. යටිබඬේ ඌෂ්ණාධික රෝග තත්ත්වයක් පෙන්වයි. හදිසි අනතුරු වලින් ප‍්‍රවේශම් වන්න. කුජ දශා විශේෂයි. සතියේ සුබ කටයුතු ස`දහා ස`දුදා, බ‍්‍රහස්පතින්දා අංක 2, 3 සුදු ක‍්‍රීම් කහ යන වර්ණ සුබ ඵලදාකයි.

මිථුන

බුධ, රවි සමඟ හත්වැන්නේ ගමන් කරන මෙම සතියේ ගෘහ ජීවිතය පිළිබ`දව මිශ‍්‍රඵලදායක බවක් පෙන්වයි. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් විශේෂයෙන් මහන්සිවීමට සිදු වේ. ආයෝජනවලින් ලාභ ලැබේ. ඉගෙනීමේ කටයුතු සාර්ථක වේ. විවාහ සහකරුට සුබදායකයි. පෙම් සබ`දතා ස්ථිර වීමට කරුණු යෙදේ. නමුත් විවාහයට සුබ නැත. රැුකියා අංශවලට නම් තරමක බාධා පෙන්වයි. විදේශ ගමන් පිළිබ`ද බලාපොරොත්තු ඉටු වේ. ගෙදර දියුණුව ඇති ිවේ. රාහු දශා තරමක් අපලදායකයි. සුබ කටයුතු ස`දහා සිකුරාදා සහ බදාදා දින අංක 4, 6 කොළ, මිශ‍්‍රලා වර්ණ සුබයි.

කටක

ස`දු දෙවැන්නේ සිට ගමන් අරඹන මෙම සතිය බොහෝදුරට සුබපල දායක බව පෙනේ. ගෙවල් සෑදීම පිළිබ`දව අතපසුවී තිබූ කටයුතු නැවත ආරම්භ කිරීමට හැකි වේ. වාහන ලාභ ලැබේ. සතුටුදායක ලෙස පවුලේ අය සමඟ කටයුතු කළ හැකි වේ. අලූත් ගෘහ භාණ්ඩ මිලට ගනී. විවාහ සහකරුටද සුබපලදායකයි. රැුකියා කටයුතු වලට සුබ නමුත් රහස් සතුන්ගෙන් ප‍්‍රවේශම් වන්න. ආයෝජන වලින් ලාභ ලැබේ. විවාහාපේක්‍ෂිත පෙම් සබ`දතා සාර්ථක වනු ඇත. රාහු දශා ගතකරන අයට අධ්‍යාපනයට බාධා පෙන්වයි. ස`දු, ගුරු කිවි යන දින අංක 2, 5, 6 සුදු, ක‍්‍රීම් මිශ‍්‍රලා වර්ණ සුබපලදායකයි.



සිංහ

සතිය ආරම්භයේ සිත්තැවුලක් ඇතිවීමට ඉඩ තිබේ. එය මව්පියන්ට අපලයක් නිසා විය හැකියි. මිශ‍්‍රඵලදායක සතියකි. සහෝදරයන්ට සුබයි. උත්සාහය ධෛර්යය වැඩි වේ. අසල්වාසීන් සමඟ සබ`දතා අලූත් වේ. රැුකියා කටයුතු වලදී උසස් අය අමනාප වීමට හා රහස් සතුරු උපක‍්‍රම වලට ඉඩ තිබෙන නිසා ප‍්‍රවේශම් වන්න. විවාහ සහකරුට සුබයි. දරුවන්ගේ දියුණුව පිළිබ`දව සතුටුවිය හැකිය. පෙම් සබ`දතා සාර්ථක වේ. රාහු කේතු දශා තරමක් අපලයි. සතියේ සුබ කටයුතු ස`දහා ගුරු, බුධ, කුජ දින අංක 3, 4, 5 රෝස, කොළ, කහ යන වර්ණ සුබපලදායකයි.

කන්‍යා

බුධ හතරවැන්නේ ගමන් කරමින් අරඹන මෙම සතිය ශුභඵපලදායක බව පෙනේ. ගෘහ ජීවිතය පිළිබ`ද කටයුතු සාර්ථක වේ. පුණ්‍ය කටයුතු ස`දහා සහභාගිවීමට ලැබේ. නමුත් මව්පියන්ට අපල බවක් පෙන්වයි. ගෘහ නිර්මාණ කටයුතු වලට සුබ කාලයක් නොවේ. ආදායම් මාර්ග වර්ධනය වේ. තැන්පත් ධනය වැඩි වේ. පවුලේ සතුට පැතිරේ. බිරි`ද හෝ සැමියාට සුබයි. දරුවන්ගේ් දියුණුව ඇති වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. කුජ දශාව තරමක් අපලදායකයි. මෙම සතියේ සුබ කටයුතු ස`දහා ස`දු, ගුරු, කිවි දින අංක 2, 5, 6. සුදු, කහ, මිශ‍්‍රලා වර්ණ සුබදායකයි.

තුලා

සිකුරු ශනි සමඟ හතර වැන්නේ සිට ගමන් කරන මේ සතිය ඔබට ශුභපලදායක බව පෙනේ. සතුටින් කාලය ගත වේ. අලූත් අදහස් ඇතිවන අතර ඒවා කි‍්‍රයාත්මක කිරීමටද වාසනාව ලැබේ. විවාහ සහකරුටද සුබයි. ආගමික කටයුතු ස`දහා හිත යොමු වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දරුවන්ට සුබයි. පෙම් සබ`දතා ස්ථිර වේ. රැුකියා හා ව්‍යාපාර කටයුතු වලින්ද සාර්ථක ප‍්‍රතිඵල අත් ්වේ. කේතු දශා ගතකරන අයට අපලදායකයි. සතියේ සුබ කටයුතු ස`දහා ස`දු, බුධ, කිවි දින අංක 2, 4, 6 සුදු, ක‍්‍රීම්, කොළ, මිශ‍්‍රලා වර්ණ සුබයි.

වෘශ්චික

ලග්නපති පළමුවැන්නේද ස`දු දහයේද සිට ගමන් අරඹන මේ සතිය මිශ‍්‍රපලදායකයි. ගෙදර දියුණුව සැලසේ. රැුකියාවේ අමතර වගකීම් පැවරේ. ආදායම් මාර්ග වර්ධනය වේ. විවාහ යෝජනා කල්යෑමට කරුණු යෙදේ. වියදම් අධික වන බව ද පෙනේ. අධ්‍යාපන කටයුතු වලට සුබපලදායකයි. නිවාස ඉදිකිරීම් වලට බාධා ඇති කරයි. වාහන හා ඉඩම් මිලට ගැනීමට සුබ නැත. විවාහ සහකරුට තරමක් අපලයි. සතියේ සුබ කටයුතු ස`දහා ස`දු, ගුරු දෙදින අංක 2, 5 සුදු, ක‍්‍රීම්, කහ, තැඹිලි වර්ණ සුබදායකයි.

ධනු

ගුරු තුන්වැන්නේද ස`දු නම වැන්නේද සිට ගමන් අරඹන මෙම සතිය තරමක් අපලදායක බව පෙනේ. පෙර පින, වාසනාව යටපත් වන බවත්, තනි උත්සාහයෙන්ම කටයුතු කළයුතු වන බවත් පෙනේ. සෙම් රෝග වලින් මෙන්ම ඌෂ්ණාධික රෝග වලින්ද ප‍්‍රවේශම් විය යුතු වේ. උසස් අය අමනාප විය හැකියි. මේ අතර ආදායම් මාර්ග ඉහළ යයි. සහෝදරයකුගේ උසස්වීමක් ඇති වේ. බිරි`ද හෝ සැමියාට සුබයි. රාහු, කේතු දශා අපලයි. සුබ කටයුතු ස`දහා බුධ, කිවි දින අංක 4,6 කොළ මිශ‍්‍රලා වර්ණ සුබපල දායකයි.

මකර

ශනි පළමුවැන්නේද ස`දු අටවැන්නේද සිට ගමන් අරඹන මෙම සතිය ශුභා ශුභ මිශ‍්‍රපල දෙනු ඇත. රැුකියා හා ව්‍යාපාර කටයුතු ස`දහා සුබදායකයි. ආදායම් වැඩි වේ. තත්ත්වය උසස් වේ. දරුවන්ගේ දියුණුව ද ඇති වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විවාහාපේක්‍ෂිත පෙම් සබඳතා සාර්ථක වේ. බිරි`ද හෝ සැමියාට සුබපලදායකයි. නමුත් නිවාස ඉදිකිරීම් ස`දහා සුබ කාලයක් නොවේ. වියදම් ද පාලනය කර ගන්න. කුජ දශා අපලදායකයි. සතියේ සුබ කටයුතු ස`දහා ස`දු, බුධ, කිවි, දින අංක 2, 4, 6, 7 සුදු, කොළ, මිශ‍්‍රලා නිල් වර්ණ සුබදායකයි.

කුම්භ

ශනි දොළොස් වැන්නේද, ස`දු හත්වැන්නේද ගමන් අරඹන මේ සතිය සුබපලදායක බව පෙනේ. ගෙදර දියුණුව පිළිබ`දව අතපසුවී තිබුණ කටයුතු නැවත ආරම්භ වේ. වාහන ලාභ ලැබේ. පින්කම් වලට සහභාගිවීමට ලැබේ. පෙර පින වාසනාව උදා වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දරුවන්ට සුබයි. බිරි`ද හෝ සැමියාගේ උසස්වීමක් ඇති වේ. විවාහපේක්‍ෂිත පෙම් සබ`දතා සාර්ථක වේ. විදේශ ගමන් පිළිබ`ද බලාපොරොත්තු ඉටු වේ. සුබ කටයුතු ස`දහා රවි, බුධ, කිවි දින අංක 1, 4, 6, 7 සුදු, කොළ, මිශ‍්‍රලා නිල් වර්ණ සුබදායකයි.

මීන

ගුරු 12 වැන්නේද ස`දු හයවැන්නේද ගමන් කරන මේ සතිය තරමක් අපලදායකයි. සතිය මුලදී දරුවෙකුට අපලයක් පෙන්වයි. ගෙදර දියුණුවට කරන කටයුතු වලට බාධා පවතී. ආදායම් මාර්ග අවහිර වේ. රැුකියා උසස්වීම් වලටද බාධා ඇතිවිය හැකියි. මේ අතර දැඩි උත්සාහයෙන් හා ධෛර්යයෙන් කටයුතු කිරීමට පෙළඹේ. බිරි`ද හෝ සැමියාට අපල හෝ විවාහ බාධා ඇති කරයි. හවුල් ව්‍යාපාර වලින් පාඩු සිදුවිය හැක. සතියේ සුබ කටයුතු ස`දහා ස`දු, කුජ දින අංක 2, 3, සුදු, ක‍්‍රීම්, රතු වර්ණ සුබදායකයි.

කෑගල්ල – සුනිල් කුමාර ගම්ලත්
 

advertistmentadvertistment
advertistmentadvertistment