මාසයක් ලංකාවේ හිටියේ නැහැ – යොහානි

161

පසුගියදා පැවැති TV දෙරණ Music Video සම්මාන උළෙලේදී” “ජනප්‍රියම මියුසික් වීඩියෝව” සහ “2021 වසරේ වැඩිම දෙනෙකු නැරඹූ මියුසික් වීඩියෝව” යන සම්මාන දෙකින්ම පිදුම් ලබන්නට” දකුණු ආසියානු ජනප්‍රිය සංගීත තාරකාව යොහානි සමත් වූවාය’ ඇගේ කුළුදුල් ගීත ඇල්බමය වූ “කෙල්ල” මීට සති කිහිපයකට පෙර ප්‍රධාන පෙළේ ඩිජිටල් නාලිකා කිහිපයක් ඔස්සේම නිකුත් වී තිබීම ද මෙම ජයග්‍රහණයේ සුවිශේෂී බව වැඩි කරන්නට හේතු විය.

මාසයක් ලංකාවේ හිටියේ නැහැ - යොහානි

සම්මාන උළෙල වෙනුවෙන් යොහානි සහ ඇගේ කණ්ඩායම නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ දීර්ඝ විදෙස් සංචාරයකින් අනතුරුවයි. ලොස් ඇන්ජලීස්වල පැවැති සංදර්ශනයකට සහ Tag Heuer සුඛෝපභෝගී ඔරලෝසු සන්නාමය නියෝජනය කරමින් අබුඩාබිවල පැවැති Formula 1 Grand Prix තරඟාවලියට ද ඇය සහභාගී වී තිබුණි‘

මාසයක් ලංකාවේ හිටියේ නැහැ - යොහානි

සම්මාන උළෙලෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් යොහානි “මේ සම්මාන උළෙලේ වැදගත්ම සම්මාන දෙකකින් පිදුම් ලැබීම මට ගෞරවයක්. මාසයක් විතර රටින් බැහැරව ඉඳලා නැවත ලංකාවට පැමිණි මොහොතක මේ ලැබුණු ඇගයීම ගැන වගේම අපේ රටේ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන මේ සියලු සහෝදර ශිල්පීන් හමුවීමට ලැබීමත් මට ලොකු සතුටක්. මගේ නිර්මාණ කටයුතු වෙනුවෙන් වෙහෙස නොබලා කැප වෙමින් හැම මොහොතකම මට ශක්තියක් වුණු දිලංජන් ඇතුළු කණ්ඩායමටත් මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා’” යනුවෙන් සඳහන් කළාය.

මාසයක් ලංකාවේ හිටියේ නැහැ - යොහානි

සම්මාන උළෙල වර්ණවත් කරමින්” යොහානි ඇගේ පෙරළිකාර ගීතය වූ “මැණිකේ” සහ කුළුඳුල් ඇල්බමයේ “කෙල්ල” යන ගීත ගායනා කරන ලදි.

මෙම සම්මාන රාත්‍රියේදී “2021 වසරේ වැඩිම නැරඹුම් සහිත වීඩියෝව” සඳහා යොහානිගේ “මැණිකේ” ගීතය පළමු සම්මානය දිනාගත් අතර එය මේ වන විට නැරඹුම් වාර මිලියන 245 ඉක්ම වූ වීඩියෝවකි. 2022 වසරේ එම අංශයෙන්ම සම්මානය දිනාගත් ගීතයට වඩා නැරඹුම් වාර මිලියන 200කටත් වඩා ඉදිරියෙන් සිටීම “මැණිකේ” ලැබූ අසමසම ජනප්‍රියත්වයට හොඳම නිදසුනකි’ යොහානිගේ මෙම ජයග්‍රහණයට ඇය පසුගිය කාලයේ සංගීත ක්ෂේත්‍රය තුළ ලැබූ දැවැන්ත ජනප්‍රියත්වය හේතුවක් වූ බව සිතිය හැකි අතර පසුගිය වසරේ ලොව පුරා ප්‍රේක්ෂකයන් විනාඩි බිලියන 11ක් ඇගේ ගීත නරඹා තිබුණි‘ ඇගේ ගීත 37ක ඩිස්කොග්‍රැෆි සඳහා යූටියුබ් මුළු නැරඹුම් වාර ගණන බිලියන 18 ඉක්මවයි.

advertistmentadvertistment
advertistmentadvertistment