සිරිපා සමය අනිද්දා සිට

137

අනිද්දා (26 දා) උදාවන උඳුවප් පෝදා සිට සිරිපා වන්දනා සමය ඇරැඹෙයි.

ඒ අනුව මෙවර 2024 වෙසක් පුන්පෝදා දක්වා සිරිපා කරුණා කරන්නට අවස්ථාව උදාවෙයි.

මේ වෙනුවෙන් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජ මහා විහාරස්ථානයේ සිට ශ්‍රීපාදස්ථානය කරා සධාතුක කරඬුව සුමන සමන් දේව ප්‍රතිමාව ඇතුළු පූජනීය වස්තූන් වැඩම කරවීමේ පෙරහැර සිරිපා අඩවිය ආවරණය වන ලෙසට මාර්ග කීපයකින් හෙට (25) දින ගමන් කරයි.

ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛ්තාභිධාන බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රාජ්‍ය අංශයේ මැදිහත්වීම මත කටයුතු සිදු කෙරේ.

බළන්ගොඩ – හර්බට් චින්තාමණී

advertistmentadvertistment
advertistmentadvertistment