පුංචි ඡන්දය ගැන අලුත් තීන්දුවක්

3875

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව අධිකරණයේ පවතින නඩු අවසන් වන තෙක් ඡන්ද විමසීමට අදාළ නාමයෝජනාපත්‍ර අහෝසි කිරීමේ නීති සකස් නොකිරීමට රජය තීරණය කර ඇත.

පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යෑම නිසා අපේක්‍ෂකයන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවන බවට පවසමින් නාමයෝජනාපත්‍ර අහෝසි කිරීමට පසුගියදා රැස්වූ රාජ්‍ය පරිපාලන හා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය කර තිබිණි.

එහෙත් මැතිවරණය කල් දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක්ම විභාග වෙමින් පැවතීම හේතු කරගෙන නාමයෝජනාපත්‍ර අහෝසි කිරීමට අදාළ නීති ඉදිරිපත් නොකරන බව ආණ්ඩු පක්‍ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මැතිවරණයට අදාළ නඩු කිහිපයක් ලබන මස මුල් සතියේදී යළි විභාගයට ගැනීමට නියමිතය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment