ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර එළියට ගියේ ගලහෙන් කළුතරින්

1357

කාර්ය මණ්ඩල කැඳවා විමර්ශන අරඹයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අවසන්වීමෙන් පසු ප්‍රශ්න පත්‍ර අන්තර්ජාලයට යොමුකර ඇත්තේ මහනුවර ගලහ ප්‍රදේශයෙන් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් බවට හඳුනාගෙන එම මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩල ඊයේ (16 දා) විභාග දෙපාර්තමේන්තුවට කැඳවා විමර්ශන ආරම්භ කළ බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා ‘දිවයින’ ට ඊයේ (16 දා) පැවසීය.

විභාගය අවසන්කර පැය භාගයකට පසු ප්‍රශ්න පත්‍ර අන්තර්ජාලයට යොමු කිරීම මගින් එය රහස්‍ය ලේඛනයක් නොවන බවත් විභාගය පවත්වා මාසයක් පමණ යනතෙක් ප්‍රශ්න පත්‍ර පිටතට යෑම වැළැක්වීම සඳහා 2014 වසරේදී තීරණය කළේ ඒවා හෙළිවීමෙන් පසු ප්‍රශ්න ගැන විමසා දරුවන්ට මානසික බලපෑම් එල්ලවීම වැළැක්වීම සඳහා බවත් ඒ මහතා කීය.

එසේ නොකරන ලෙස උපදෙස් දී තිබියදී එම නීති කඩකරමින් වැඩිපුර තිබූ ප්‍රශ්න පත්‍ර මාර්ගයෙන් අන්තර්ජාලයට එය යොමුකර ඇති බව එම ප්‍රශ්න පත්‍රවල අංක පරීක්‍ෂා කිරීමේදී හෙළිකර ගත් බවද සමරකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment