කරාපිටිය රෝහලේ සී ටී ස්කෑන් යන්ත්‍ර දෙකම කැඩිලා

60

රෝගී ජීවිත අනතුරේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදී සංගමය

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ තිබෙන සී ටී ස්කෑන් යන්ත්‍ර දෙකම අක්‍රීය වී ඇතැයි, රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය පවසයි.

මින් එක් යන්ත්‍රයක් වසරකට පෙර අක්‍රීය වී ඇති අතර, ක්‍රියාත්මකව තිබූ අනෙක් යන්ත්‍රය පසුගිය 10 දා සිට බිඳවැටී ඇති බැවින් රෝගී සේවා රැසක් සිදුකළ නොහැකි වී දැඩි අර්බුදයක් උද්ගතව ඇතැයි එම සංගමය සඳහන් කරයි.

සී ටී ස්කෑන් පරීක්‍ෂණ මගින් රෝගියකුගේ හිසට සහ මොළයට සිදුවන හානි, අභ්‍යන්තර රුධිර වහනය වීම, පෙනහලු රෝග, අස්ථි පද්ධතියේ සංකූලතා, රුධිර වාහිනී පද්ධතියේ රෝග සහ අවහිරතා හඳුනාගැනේ.

දිවයින පුරා රෝහල්වල සී ටී ස්කෑන් යන්ත්‍ර 44 ක් ඇතත් ඉන් 07 ක්ම මේ වනවිට බිඳවැටීමට ලක්ව තිබෙන බව පවසන එම සංගමය, බොහොමයක් යන්ත්‍රවල මාසික සේවා ගිවිසුම් යාවත්කාලීන නොකිරීම සහ ඒවාට විදුලිය ලබාදීම එක ලෙස තබාගැනීමට භාවිත කරන යූ.පී.එස්. අක්‍රීය වීම මීට හේතු වී ඇති බව ද කියාසිටී.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment