ආයේ පාර්ලිමේන්තු එන්නේ විශ්වාසංභගයට ඡන්දය දෙන්න විතරයි – මන්ත්‍රී රෝහණ බණ්ඩාර

216

මේ මොහොතේ පාර්ලිමේන්තුව ජනතාව වෙනුවෙන් කිසිදු තීරණයක් නොගන්නා නිසා විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමට හැර පාර්ලිමේන්තු රැස්වීම්වලට තමා සහභාගි නොවන බව සමගි ජනබලවේගයේ, අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදි කීය.

එහිදී ඒ මහතා මෙසේද පැවසීය.

මම මේ සතියේ මේ තුන්වෙනි පුටුවේ, වාඩි වුණේ ඊළඟට මගේ අසුන කොයි මුල්ලෙන් කොයි මුල්ලට යයිද දන්නේ නෑ. හැබැයි මොන පුටුවේ වැඩි වුණත්, මේ රටේ ජනතාවගේ ප්‍රශ්නයට උත්තර ලැබිලා තිබෙනවාද? දැන් ඊයේ හැදුවා ‘හොරා ගෝ ගම’ කියලා. අපටත් ලැජ්ජයි හොරු සමග හෙළුවෙන් ඉන්න. වගකියන මන්ත්‍රීවරයෙක් විදිහට ඇවිල්ලා මේ හොරු ගොඩක් එක්ක ඉන්න අපටත් ලැජ්ජයි. මම ගෞරවයෙන් කියනව මෙහෙම, සංගීත පුටු තරගවලට සහභාගි වෙන්නේ නැතුව, ජනතාවට සෙතක් වෙනවා නම් අපි එළියෙන් ඉන්නම් කියලා. මේ පාර්ලිමේන්තුව කිසිම මොහොතක මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් තීන්දු තීරණයක් ගන්නේ නෑ. ඒ නිසා මම අපේ නායකතුමාගේ අවසරය පිට, විශ්වාසභංග ගේන මොහොතට හැරෙන්න මෙම සභාවට සහභාගි වෙන්නේ නෑ කියන තීරණය ගන්නවා. මේ බොරුව වෙනුවෙන් කාලය කන්න ලෑස්ති නෑ. මම සභාවෙන් ඉල්ලනවා මට ඊට අවසර දෙන්න කියලා.

advertistmentadvertistment
advertistmentadvertistment