හරි නිර්මාණයක් කළොත් හෝල් ඉස්සරහ පෝලිම් හැදෙනවා – “කතුරු මිතුරු” හැදූ බාසුරු සිරිවර්ධන

138

ලංකාවේ ෆිල්ම් දුවන්නේ නැහැ කියන කථාව බොරු
සිනමාශාලා හිමියන්ට ලොකු ප්‍රශ්න තිබෙනවා
සිංහල සිනමාවට යළි ජීවයක් ලබාදෙන්න පුළුවන්

හරි නිර්මාණයක් කළොත් හෝල් ඉස්සරහ පෝලිම් හැදෙනවා - “කතුරු මිතුරු” හැදූ බාසුරු සිරිවර්ධන

අපි සිනමාවේ පෝලිම් යුගයක් ගැන කතා කරනවා නම් ඒ කතා බහ කරන්නේ හැත්තෑවේ අසූවේ දශකයේ පෝලිම් යුගය ගැන පමණකි. ඇත්තට ම අප හැත්තෑව අසූව දශකයෙන් පසුව අපි සිනමාවේ පෝලිම් යුගයක් ගැන අසා ඇත්තේම නැත. සිනමාවට ඇයි එහෙම වුණේ? පෝලිම් හැදිලා බලන්න තරම් චිත්‍රපට හැදුණේම නැතිද? එහෙනම් කොතැන ද වැරදි? මේ ඒ ගැන කතා කරන්න හදන වේලාව නම් නෙමෙයි. ඒ මොකද දන්නව ද? මේ දවස්වල සිනමාහල් අසල පෝලිම් දකින්න ලැබෙනවානේ. කවුද හිතුවේ 21 වැනි සියවසේ මෙහෙම පෝලිම් ක්‍රමයක් ඇතිවේවි කියලා. ස්මාර්ට් ෆෝන් එකට, ටැබ් එකට, නෙට්ෆිලික්ස් එකට හුරුවුණු වර්තමානය සිනමා හලකට එන එකක් නැහැ කියන කතාව බොරුවක් කියලා මේ වෙනකොට ඔප්පු කරලා හමාරයි. ඒ ආසයි මං පියාඹන්න. කිංග් හන්තර්, පායා එන්න හිරු සේ, රෝස කැලේ, සුවඳ දැනුනා ජීවිතේ ඔබ වෙත තිලිණ කළ ආලංකුලම චිත්‍රපට සමාගම ඔබට තිලිණ කළ නවතම සිනමා කෘතිය වන ‘කතුරු මිතුරු’ හරහායි. එදා ධම්මික සිරිවර්ධන ‘ආලංකුලම ෆිල්ම්ස්’ වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදනය කළ අතර මෙදා තාත්තාගේ බැටන් එක පුතා රැගෙන වැඩේ පටන්ගෙන ඇත. බාසුරු සිරිවර්ධන පටන් ගත්තු පළමු වැඩෙන්ම වැඩේ පත්තු වෙලයි තියෙන්නේ. මෙරට පමණක් නෙමෙයි විදෙස් රටවලත් අතිසාර්ථක ලෙස මේ වනවිට ‘කතුරු මිතුරු’ තිරගත වෙනවා. ඉතිං බාසුරු සිරිවර්ධන එක්ක මේ වෙලාවේ ඒ ගැන කතා නොකළොත් ලොකු අඩුවක් කියලා අපිට හිතුණා.

හරි නිර්මාණයක් කළොත් හෝල් ඉස්සරහ පෝලිම් හැදෙනවා - “කතුරු මිතුරු” හැදූ බාසුරු සිරිවර්ධන

● සිනමාවේ අර්බුද රැසක් තියෙන වෙලාවක සිනමාහල්වලට ජීවයක් දුන්න චිත්‍රපටයක් තමයි “කතුරු මිතුරු”?

පළමු සතුට තමයි මිනිස්සුන්ගේ මුවඟට යළි සිනහාවක් ගෙන එන්න ලැබීම. මොකද දැනට ලංකාවේ තිබෙන ප්‍රශ්නත් එක්ක මිනිස්සු ‘කතුරු මිතුරු’ නරඹලා හිනාවෙලා ඉන්න එක ගැන සතුටුයි. දින 75ක් ගතවෙද්දී ලක්‍ෂ 6කට ආසන්න ප්‍රමාණයක් නරඹලා තිබෙනවා. දින සියයක් දක්වා යන්න තමයි අපේ බලාපොරොත්තුව.

මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ ගිරිරාජ් කෞෂල්‍ය මහත්තයාව. ඉතිං ඔහුගේ චිත්‍රපටයක් කවදාවත් වැරදිලා නැහැ. මම ගත්තු තීරණය හොඳයි කියලා තමයි හිතෙන්නේ.

හරි නිර්මාණයක් කළොත් හෝල් ඉස්සරහ පෝලිම් හැදෙනවා - “කතුරු මිතුරු” හැදූ බාසුරු සිරිවර්ධන

● චිත්‍රපටය තිරගත කරන්න බාධක රැසක් ආවා. මේක තිරගත කළේ සුදුසුම කාලෙ ද?

මම හිතනවා සුදුසුම වෙලාවේ තමයි අපි ප්‍රදර්ශනය කළේ කියලා. මීට කලින් තිරගත කරන්න හදපු වෙලාවේ කොරෝනා වසංගත ප්‍රශ්නය බලපෑවා. අනිත් එක කලින් කරපු චිත්‍රපට රැසක් පෝලිමේ තිබුණා. ඉතිං ඒවටත් එන්න අවස්ථාව දීලා ‘කතුරු මිතුරු’ ප්‍රදර්ශනය කරපු එක ගැන ඇත්තට ම සතුටුයි.

හරි නිර්මාණයක් කළොත් හෝල් ඉස්සරහ පෝලිම් හැදෙනවා - “කතුරු මිතුරු” හැදූ බාසුරු සිරිවර්ධන

● සිනමාශාලා හිමියෝ ඔබට මේ වෙලාවෙ මොනවද කියන්නේ?

“කතුරු මිතුරු” වෙනුවෙන් සිනමාහල් හිමියෝ ලොකු සහයෝගයක් ලබාදුන්නා. ඇත්තම කථාව සිනමා ශාලාවලටත් අවශ්‍ය දුවන ෆිල්ම්ස්නේ. දුවන ෆිල්ම් කියන්නේ සිනමාහල්වලට මිනිස්සු එන ෆිල්ම්.

හරි නිර්මාණයක් කළොත් හෝල් ඉස්සරහ පෝලිම් හැදෙනවා - “කතුරු මිතුරු” හැදූ බාසුරු සිරිවර්ධන

● ආලංකුලම චිත්‍රපට කිව්වහම ඒ කාලේ හරි ජනප්‍රියයි. පුතා විදිහට ඒ නම යළිත් වරක් ජනතාව අතරට ගෙනියන්න ලැබුණා. මොකද හිතන්නේ?

ඉතාම සතුටුයි. තාත්තා ඉන්නකොට තාත්තයි මායි චිත්‍රපට නිෂ්පාදනය පටන්ගත්තේ ව්‍යාපාරයක් විදිහට හිතලා නෙමෙයි. හැබැයි පළමු චිත්‍රපටයෙන් පසුව අපිට හිතුණා මේක ව්‍යාපාරයක් විදිහට කරන්න ඕනෑ කියලා. ව්‍යාපාරයක් විදිහට කළොත් සිනමා කර්මාන්තයට ලොකු පිටිවහලක් වෙනවා කියලත් හිතුවා. තාත්තා තමයි මෙහි නියමුවා.

තාත්තගෙන් ලබපු පන්නරයෙන් තමයි මම මේක ඉදිරියට අරගෙන ගියේ.

හරි නිර්මාණයක් කළොත් හෝල් ඉස්සරහ පෝලිම් හැදෙනවා - “කතුරු මිතුරු” හැදූ බාසුරු සිරිවර්ධන

● “කතුරු මිතුරු” අධ්‍යක්‍ෂවරයා වන ගිරිරාජ් කෞෂල්‍යගෙන් මේ වෙලාවේ මොනවගේ සහයෝගයක් ද ලැබුණේ?

මුලින් ම සඳහන් කරන්න ඕනෑ ගිරිරාජ් කෞෂල්‍ය කියන අධ්‍යක්‍ෂවරයා ප්‍රහසන චිත්‍රපට අධ්‍යක්‍ෂණය කරන කොට දෙපැත්ත කැපෙන කතා භාවිත නොකිරීම ගැන. ඊට අමතරව ඔහුගේ පිටපත අතට ගත්තහම දෙපාරක් හිතන්න අවශ්‍යතාවක් තිබුණෙත් නැහැ. මේක දුවන ෆිල්ම් එකක් කියලයි මට හිතුණේ. අපි පුංචි කාලේ ඇත්ත කරුණවෑමියා වගේම ටේලර් මෙහි දකින්නට ලැබෙනවා. වර්තමානයේ දැකලා නැති ප්‍රේක්‍ෂකයන්ටත් මේ හරහා ඒක දැකගන්න පුළුවන් වෙනවා.

හරි නිර්මාණයක් කළොත් හෝල් ඉස්සරහ පෝලිම් හැදෙනවා - “කතුරු මිතුරු” හැදූ බාසුරු සිරිවර්ධන

● අධ්‍යක්‍ෂවරයා කියනවා චිත්‍රපටය කරගෙන යනකොට ඔබ ඔහුගේ ඔළුවට කිසිබරක් දුන්නේ නැහැ කියලා?

පළමු දේ තමයි මම තෝරාගත්තු අධ්‍යක්‍ෂකවරයා යමක් කරගන්න පුළුවන් අධ්‍යක්‍ෂකවරයෙක්. ඉතිං නිෂ්පාදකවරයාගේ චරිතය මම රඟපාලා අධ්‍යක්‍ෂවරයාගේ චරිතය ඔහුට රඟපාන්න දුන්නහම මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

මෙම සිනමා නිර්මාණයේ රංගනයෙන් දායකවන මනෝරත්නයන් මේ වනවිට අප හැර ගිහින්. ඔහුගේ රංගනය ගැනත් මේ වෙලාවේ කථා නොකරම බැහැ?

අපි හිතුවේ ජයලත් මනෝරත්න මහත්තමයා මේක තිරගත වෙනකම් ඉදීවි කියලා. එතුමා නැති එක ලොකු අඩුවක්. එතුමා මේ නිර්මාණය ඇතුළේ දැවැන්ත රාජකාරියක් ඉෂ්ට කරලා තිබෙනවා.

මෙහි රඟපෑ නළු නිළියන්ගෙන් චිත්‍රපටය තිරගත කිරීමේදී මොනව ගේ සහයෝගයක් ද ලැබුණේ?

ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් මෙහි අධ්‍යක්‍ෂවරයා වන ගිරිරාජ් කෞෂල්‍ය මේ සඳහා රංගනයට යොදාගත්තේ ප්‍රවීණ නළු නිළියන්. ගොඩක්ම වේදිකා නළු නිළියන් තමයි මේ සඳහා රංගනයෙන් දායක වුණේ.

●‘කතුරු මිතුරු’ දින 75ක් ප්‍රදර්ශනයවීම ගැන ආපසු හැරී බැලුවොත්?

සිනමාශාලා හිමියන්ට ලොකු ප්‍රශ්න තිබෙනවා. එකක් තමයි කොළඹින් බැහැර සිනමාහල්වලට පහසුකම් අඩුයි. ඔවුන්ට සීට් එකක්, ප්‍රජෙක්ටරයක් දාගන්න ලොකු වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඔවුන්ගේ අඩුපාඩු හදාගනිමින් මේ චිත්‍රපටය දුවන්න සහයෝගය ලබාදුන්නා. තව මේ වගේ හොඳ චිත්‍රපට කිහිපයක් ආවොත් සිනමා කර්මාන්තයේ ලොකු පිබිදීමක් ඇතිවේවි. ලංකාවේ ෆිල්ම් දුවන්නේ නැහැ කියන කතාව බොරුවක් කියලා අපි ඔප්පු කරලා පෙන්නුවා. හොඳ නිර්මාණ කළොත් ලංකාවේ සිනමා කර්මාන්තය ඉතාම ඉහළ තලයකට ගෙනියන්න පුළුවන්.

● ලංකාවේ චිත්‍රපටයක් හදලා හෝල්වලට දාගන්න එකයි ඊට පස්සේ ඉක්මනින් ගැලවෙනවා කියන එකයි ඊළඟට තියෙන ප්‍රශ්නය?

ලංකාවේ සිනමාශාලා අඩුයි. හැබැයි ලංකාවේ මොන අර්බුදය තිබුණත් චිත්‍රපට හැදෙනවා. ඒ වුණාට සිනමාශාලා මදි. ඒක හින්දා නිෂ්පාදකවරු වුණත් ලංකාවේ සිනමාහල් හැදෙන විදියට වැඩ කරන්න ඕනෑ. ඔය ප්‍රශ්න දෙක විසඳුනාට පස්සේ සිංහල සිනමාවට යළි ජීවයක් ලබාදෙන්න පුළුවන්. හොලිවුඩ්, බොලිවුඩ් නිර්මාණ බලාගෙන ඉන්න ඕනෑ නෑ.

● ජවාන්, ජේලර්, ලියෝ වගේ චිත්‍රපට එක්ක ‘කතුරු මිතුරු’ චිත්‍රපටය ට හැප්පෙන්න පුළුවන් වේවි කියලා විශ්වාසයක් තිබුණ ද?

මට මං ගැන විශ්වාසයක් තිබුණා. ඒ වගේ ම කතුරු මිතුරු ගැන විශ්වාසයක් තිබුණා. අනික අපි බයවෙලා පස්ස ගැහැව්වා නම් ලොකු ප්‍රශ්න එනවා. අනිත් එක තමයි ප්‍රවර්ධනය කියන කාරණාව. නිර්මාණයේ තිබෙන හොඳ පැති අඳුරගෙන වගේ ම නරක පැතිත් අඳුරගෙන ප්‍රවර්ධනය හරියට කළොත් මේ ගමන සාර්ථක කරගන්න පුළුවන්.

● මේ වෙලාවේ ඔබට තවත් චිත්‍රපටයක් කරමු කියලා අධ්‍යක්‍ෂවරුන් ගෙන් හරි හරියට ආරාධනා එනවා කියන්නෙ ඇත්ත ද?

ඔව්. ඔව්… ගොඩක් කට්ටිය කථා කරනවා. මම හිතාගෙන ඉන්නේ කරන්න ඉස්සර කථා කරනවාට වඩා කරලා ම මාධ්‍යයට කථා කරනවා කියන එකයි.

● සිනමා කර්මාන්තය ගැන මොනවගේ හැඟීමක් ද තියෙන්නේ?

මේක ඉතා ම හොඳ කර්මාන්තයක්. වැඩ කරන කට්ටියට ඉතාම සතුටින් ඉන්න පුළුවන් කර්මාන්තයක්. මෙහි හොඳ අධ්‍යක්‍ෂවරු, දක්‍ෂ නළු නිළියන් ඉන්නවා. මේ කර්මාන්තය ඉතා ම හොඳ කර්මාන්තයක්.

● කතුරු මිතුරු ලංකාවේ විතරක් නෙමෙයි විදෙස් රටවලත් ඉතා සාර්ථක ලෙස තිරගත කෙරෙනවා. කොහොමද ඒ වැඩේ සිද්ධ වුණේ?

කතුරු මිතුරු ලංකාවේ පෙන්වන්න කලින් අපි ඔස්ටේ්‍රලියාවේ තමයි මුලින්ම පෙන්නුවේ. ඔස්ටේ්‍රලියාවේ ප්‍රදර්ශනයෙන් පසුව තමයි අපිට ලංකාවේ ලොකු ගමනක් යන්න පුළුවන් කියන අදහස ආවේ. ඉතිං එතැන දී ඔස්ටේ්‍රලියාවේ මාලක යාප, කැනඩාවෙන් රවී සේනාධිපති මතක් කරන්න ඕනෑ. නවසීලන්තයත් එහෙමයි. ඒකෙන් තමයි මට ලොකු ජවයක් ආවේ. ලංකාවේ මේක හොඳට කරගන්න පුළුවන් කියලා. තවමත් දුවනවානේ. අනෙක් කාරණාව තමයි ලංකාවෙන් පිට සිංහල සිනමාව රස විඳින්න කැමැති අයටත් අපිට ඒ අවස්ථාව ලබාදෙන්න හැකියාව ලැබුණා.

● සිනමාහල් ඉදිරිපිට පෝලිම් දැක්කහම ඇත්තට ම මොකද හිතුණේ?

හරි නිර්මාණයක් කළොත් හෝල් ඉස්සරහ පෝලිම් හැදෙනවා. මගේ නිර්මාණයට විතරක් නෙමෙයි මීට පස්සේ තිරගතවන හැම චිත්‍රපටයකට ම පෝලිම් යුගයක් ඇතිවේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා.

● චිත්‍රපටය රූගත කිරීමේ දී ආපු අභියෝග එහෙම මොනව ද?

ලොකුම අභියෝගය තමයි බාබර් සාප්පුවයි, ටේලර් සාප්පුවයි එකම තැන හොයාගන්න එක. ඒක එක තැනක තිබුණේ නැහැ. ඒක අපිට ප්‍රතිනිර්මාණය කරන්න සිද්ධ වුණා. මනෝජ් වික්‍රමසිංහ කියන කලා අධ්‍යක්‍ෂවරයා තමයි ඒ අභියෝගය භාර ගත්තේ. මට තිබුණේ පහසුකම් හදලා දෙන එක විතරයි. ඊට අමතරව ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්‍ෂවරයාවත් මතක් කරන්න ඕනෑ. ඔහුගේ සැලසුම ඉතා සාර්ථක වුණා.

● දින සියයෙන් පසුවත් චිත්‍රපටය දුවන්න සිනමාහල්වලින් ආරාධනාවක් තිබෙනවා කියන්නේ?

ඒක ප්‍රේක්‍ෂකයාට භාරයි. නමුත් මම නම් හිතන්නේ අපි අනෙක් චිත්‍රපටවලටත් ඉඩකඩ ලබාදිය යුතුයි කියලා.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment