මම ගෙදර නැතිනම් එයාලට නත්තල් නෑ… – නලීන් පෙරේරා

125

අනිවාර්යයෙන්ම මම නත්තල් දවස වෙන් කරගෙන තියෙන්නේම පවුලෙ අයත් එක්ක ඉන්න. මොකද මේ මාසේ ඇත්තටම අපි හරිම කාර්යබහුල මාසයක්. නමුත් දෙසැම්බර් 24 සහ 25 කියන දවස් දෙක මොනතරම් මුදල් ලැබෙන වැඩක් ලැබුණත් මේරියන්ස් අපි ඒවා භාරගන්නෙම නැහැ.

මම ගෙදර නැතිනම් එයාලට නත්තල් නෑ… - නලීන් පෙරේරා

මොකද මේ නත්තල් මොහොත අපේ ආදරණීය පවුලත් එක්කම ගත කරන්න ඕනෑ නිසා. පවුලේ අනිත් අයත් ඒක බලාගෙනමයි ඉන්නේ. මොකද මම ගෙදර නැත්නම් එයාලටත් නත්තල් නෑ වගේ තමයි. හෙට දවසේ අපි අනිවාර්යයෙන්ම පල්ලි යනවා. ඒ වගේම මෙවර නත්තල මට විශේෂයි. මොකද මගේ දරුවොත් ලංකාවට ඇවිල්ලා ඔක්කොමලා ගෙදර ඉන්නවා. ඒ නිසා මට හරිම සතුටුයි.

අද රෑට ෂෝ එකක් – රයිනි චාරුකා

මම ගෙදර නැතිනම් එයාලට නත්තල් නෑ… - නලීන් පෙරේරා

මට අද රෑට ෂෝ එකකුත් තියෙනවා. ඒක කොළඹමයි තියෙන්නේ. මම එයාලට කලින්ම කිව්වා” මට 10.30 වගේ වෙද්දි යන්න ඕනෑ කියලා. මොකද අපි පවුලේ හැමෝම රෑ දොළහට පල්ලි යනවා පූජාවට. සාමාන්‍යයෙන් ලැබෙන වැඩ නම් මම භාර ගන්නවා. ක්‍රිස්මස් කියලා භාර නොගෙන ඉන්නෙ නැහැ. හැබැයි පවුලේ කට්ටියම එකට ඉන්න පුළුවන් වෙලාව බලනවා. සාමාන්‍යයෙන් හෙට දවසේ ලන්ච් සහ ඩිනර් පාර්ටි තියෙනවා අපේ අම්මිලගේ ගෙදර. මොකද ආපහු 26 නංගිගේ උපන්දිනේත් තියෙනවා. ඉතින් මේ දවස් දෙක තුනේම හැමෝම එකට එකතු වෙලාම තමයි ඉන්නේ. ඒ වගේම අපේ ගෙදරත් සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසෙ පළවැනිදා වෙනකොටම නත්තල් ගහ හදලා” ලයිට් දාලා සරසලා” ගවලෙන හදලා ඔක්කොම සරසනවා.

අද රෑට පල්ලි යනවා – දිනක්ෂි ප්‍රියසාද්

මම ගෙදර නැතිනම් එයාලට නත්තල් නෑ… - නලීන් පෙරේරා

ක්‍රිස්මස් කියන්නෙ අවුරුද්දේ මම ආසම සීසන් එක. මම බලාගෙන ඉන්නේ ක්‍රිස්මස් වෙනකන් තමයි. ඉතිං නත්තල් පටන් ගන්න කලින් ඉඳලම” නොවැම්බර් අග වෙද්දිම අපි ගෙදර සරසලා” නත්තල් ගහ හදනවා. හෙට දවස ගතකරන්න විශේෂ කෑම බීම වගේම ක්‍රිස්මස් කේක් එහෙමත් හදලයි තියෙන්නේ. 24 අද රෑට පවුලේ හැමෝම එකතුවෙලා පල්ලියට යනවා අපි පූජාවට. ඒ ගිහිල්ලා ඇවිල්ලා රෑම අපි ගෙදර කිරිබත් උයලා” කැවුම්” කැවිලි මේසයක් සරසනවා. වෙනදට නම් අපි ඉස්සර 25 උදේට තමයි කෑම මේසෙ සරසන්නේ. හැබැයි දැන් අපි හැම 25ම හිරු නාලිකාවේ ක්‍රිස්මස් ලයිව් ප්‍රෝග්‍රෑම් එකට යන නිසා 24 රෑටම පවුලේ අයත් එක්ක එකතුවෙලා නත්තල සමරනවා.

මාත් ගෙදර – ටෙහාන් පෙරේරා

මම ගෙදර නැතිනම් එයාලට නත්තල් නෑ… - නලීන් පෙරේරා

මුලින්ම කියන්න ඕනෑ දෙසැම්බර් මාසෙම අපි හරිම කාර්යබහුලයි. ගොඩක් වෙලාවට නත්තල් සීසන් එකට Hot Chocolate බෑන්ඩ් එකේ වැඩ කටයුතු තියෙනවා. ඒවත් එක්ක තමයි ගොඩක් ඉන්නේ. ඒත් එක්කම කොහොම හරි වෙලාව අරගෙන නත්තලත් සමරනවා. ඉතින් ගෙදර අයත් එක්ක කලින්ම ෂොපින් එහෙමත් යනවා. හෙට දවසේ විශේෂයෙන්ම ගෙදර හැමෝම එකතුවෙලා පල්ලියට යනවා පූජාවට. ඒ වගේම කලින් ඉඳලම ගෙදර සැරසිලි කරලා” ගවලෙන හදලා” ගීතිකා දාලා එහෙම තියෙන්නේ. හෙට මුළු නත්තල් දවසම පවුලේ අයත් එක්ක එකතුවෙලා නෑදෑ ගමන් ගිහිල්ලා” හරිම විනෝදයෙන්”සතුටින් කාලා බීලා” පාර්ටි දාලා දවසම ගත කරන්න බලාපොරොත්තුවෙනවා. කොතරම් කාර්යබහුල වුණත් ඉතිං කොහොම හරි වෙලාව හදාගෙන පවුලේ අයත් එක්ක එකතුවෙලා සතුටින් හෙට දවසේ මෙවරත් නත්තල සමරනවා.

හෙට දවසම වැඩ – රොෂාන් ප්‍රනාන්දු

මම ගෙදර නැතිනම් එයාලට නත්තල් නෑ… - නලීන් පෙරේරා

මේ පාරත් හෙට දවසෙම අපි උදේ” හවස වැඩ. උදේ වරුවේ වෙඩින් එකක් තියෙනවා සහ හවස ෂෝ එකක් තියෙනවා. ඒ දෙක අපිට කරන්නම වෙනවා මොකද කලින් භාරගත්තු වැඩ නිසා. ඒ නිසා මේ පාර අපිට නත්තල සමරන්න වෙන්නෙ වෙනමම දවසක් දාගෙන තමයි. හැබැයි මම දෙසැම්බර් 01 වැනිදම ගෙදර කලින්ම සරසලා නත්තල් ගහ හදනවා. පවුලේ අනිත් අය කෑම බීම එහෙම හදලා හෙට නත්තල සමරන්න සූදානම් වෙනවා. ඉතින් ඒ වගේම කියන්න ඕනෑ” මේක හැමෝටම අමාරු කාලයක්. ඒ නිසා ඉතිං හැමෝටම පුළුවන් විදියට තවත් කෙනෙක්ට උදව්වක් කරගෙන” නත්තලේ පණිවිඩය යථාර්ථයක් කරගන්න පුළුවන්නම් අපි හැමෝටම සතුටින්” අර්ථවත්ව හෙට දවස ගත කරන්න පුළුවන්.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment