අල්පොන්සු ජානුට බය වුණාට ගෙදර සුද්දිට බය නෑ

155

අල්පොන්සු ගැන එස්. අයි. සමරක්කොඩි කියන කතාව

“ජානූ” ටෙලි නාට්‍යය කියූ සැණින් බොහෝ දෙනාගේ කතාබහට වගේම මතකයට නැගෙන්නේ අල්පොන්සුගේ චරිතයයි. මේ අල්පොන්සුගේ චරිතයට පණ පොවන්නේ මේ දිනවල පුංචි තිරයේ විවිධ චරිතයන්ට පණ පොවන” දක්ෂ මෙන්ම නිහතමානී රංගන ශිල්පියෙකු වන එස්. අයි. සමරක්කොඩිය. සමරක්කොඩි කියන්නෙත් අල්පොන්සුගේ චරිතය ඔහුගේ රංගන ජීවිතයේදී ඔහුට ලැබුණ ඉතා හොඳ අවස්ථාවක් බවයි. ඉතින් මේ අල්පොන්සුගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැන විමසමින් අප මෙලෙස කතාබහ ආරම්භ කළා.

● මේ දිනවල අල්පොන්සු ගැනයි බොහෝ දෙනා කතා වෙන්නේ” ඒ ලැබෙන ප්‍රතිචාර ගැන මුලින්ම කතා කරමු?

මේ දිනවල අල්පොන්සුට ලැබෙන ප්‍රතිචාර නම් බොහොම හොඳයි. ෆේස්බුක් ගියත්” මඟ තොට ගියත්” කොහේ හිටියත් ලැබෙන ප්‍රතිචාර ඉතාම හොඳයි. අල්පොන්සුට ගොඩක් අය ආදරේ කරන්න පටන් අරගෙන තියෙනවා. එක් කෙනෙක් දෙන්නෙක් පොඩි සැකේකිනුත් චරිතය දිහා බලනවා” මේ අල්පොන්සු දෙපිට කාට්ටුවෙක්ද කියලත්. කොහොම නමුත් ඉතින් අල්පොන්සුගේ චරිතයට ඊටත් වඩා ලොකු ආදරයක් හම්බ වෙලා තියෙනවා. මට ඒකට ගොඩක් සතුටුයි.

අල්පොන්සු ජානුට බය වුණාට ගෙදර සුද්දිට බය නෑ

● අල්පොන්සු කියන චරිතය ගැන ඔබට මොකද හිතෙන්නෙ?

මේ චරිතය ගැන කතා කරද්දි” මම රංගන ශිල්පියෙක් විදියට මේ ක්ෂේත්‍රයේ දැන් අවුරුදු විසිතුනක් තිස්සේ වැඩ කරනවා. එතකොට මම හැම වෙලාවෙම රංගනය පිළිබඳ වෙනස් විදියේ හැදෑරීම් පිළිබඳව අධ්‍යයනයක යෙදෙන මනුස්සයෙක් විදියට මට මේ ලැබුණු චරිතය තුළ අත දිග ඇරලා රඟපාන්න පුළුවන් චරිතයක් හම්බවෙලා තියනවා. චරිතාංග රංගන ශිල්පියෙකුට අවශ්‍ය කරන වේරියේෂන් ගොඩක් මේ චරිතය ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ” දුක” සතුට” ආදරය” වෛරය” විරහව සහ පොඩි මානසික ආබාධයක් සහිත වගේ එක එක අවස්ථාවල” එක එක අදියර වලට රඟපාන්න පුළුවන් ඉතා බර චරිතයක් තමයි මට මේ ලැබිලා තියෙන්නේ. ඒක මගේ ජීවිතේට ලැබුණ ඉතා හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා.

● “මම අල්පොන්සු නම් පොල් මුදලාලි” කියපු ගීතයත් මේ වෙද්දි ඉතාම ජනප්‍රියයි නේද?

ඔව්. ඇත්තටම ඒ ගීතය මේ වෙද්දි ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙනවා. මම කොහේ හිටියත් “මම අල්පොන්සු පොල් මුදලාලි” කියලා සිංදුවේ ඒ කෑල්ල බොහෝ අය කියනවා. ගීතය ජනප්‍රිය වෙලා මිනිස්සු අතරට යන කොට” ඒවා රස විඳිනකොට කලාකරුවෝ විදියට අපිට ලොකු සතුටක් තියෙනවා.

අල්පොන්සු ජානුට බය වුණාට ගෙදර සුද්දිට බය නෑ

● මේ වගේ නිවට විදිහට ජීවත් වෙලා වැඩක් නෑ නේද?

මෙහෙමයි” අල්පොන්සු කියන්නෙ නිවට චරිතයක්මත් නෙවෙයි. අල්පොන්සුගේ චරිතය තුළ හැමදේම විවෘතව කතා කරන්න සහ දේවල් බෙදාගන්න පුළුවන් එයාගේ අම්මයි” ජානුයි ඉස්සරහ විතරයි. එතකොට අනෙක් මිනිස්සු ඉස්සරහ ඉන්නේ මවා ගත්තු රූපෙක. අල්පොන්සු කැමැති මේ සැහැල්ලු ජීවිතේ ඉන්න. එයාගේ අම්මට වගේම සුද්දිටත් ගොඩක් ආදරේ කරන ඒ ආදරේ ඇතුලේ විවෘතව” හරිම සැහැල්ලු වෙලා” විහිළුවක් එහෙම කරගෙන ජීවිතය ගෙවනවා. හැබැයි එතනින් මිදිලා පොල්වත්තෙ මිනිස්සු එක්ක වැඩ කරනකොට” සහස් එක්ක වැඩ කරනකොට එහෙම බොහොම වෙනස් විදියේ රූපයක් තමයි මවාගෙන ඉන්නේ. ඉතිං “අල්පොන්සු” කියන්නෙ නිවට චරිතයක්ම නෙවෙයි.

● මේ චරිතය ඔබමද හදාගත්තේ” අධ්‍යක්ෂකවරයාගෙන් මොනවගේ සහයෝගයක්ද ලැබුණේ?

අනිවාර්යයෙන්ම ඒ ගැන කතා කළ යුතුයි. මේ චරිතය සමීර හසුන් අපේ අධ්‍යක්ෂවරයාගේ. සමීරම තමයි “ජානූ” නාට්‍යයේ රචකයා වෙන්නෙත්. ඔහු ඇත්තටම ප්‍රතිනිර්මාණය කරපු” ඔහු විසින්ම රචනා කරපු චරිතයකට මම දිරිය දුන්නා කිව්වොත් නිවැරදියි.

● ඔබගේ පවුලේ විස්තර ගැන කිව්වොත් ?

මම” අම්මා” තාත්තා” මල්ලි අපේ පවුලේ ඉන්නේ. මම දැන් විවාහකයි. මගේ බිරිඳ රවින්ද්‍යා අමරසිංහ. ඇයත් රංගන ක්ෂේත්‍රයට සම්බන්ධයි. මේ වෙද්දි ටෙලි නාට්‍ය දෙක තුනකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊටත් අමතරව ඇය මේ වෙද්දි සැලෝන් එකක් කරගෙන යනවා.

● සමරක්කොඩි විවාහකයිනේ. ගෙදර සුද්දි මොකද කියන්නේ අල්පොන්සු ගැන?

ගෙදර සුද්දි තමයි මගේ හොඳම විචාරකයා. එයා තමයි මට ගොඩක් වෙලාවට මගේ අඩුපාඩු එහෙමත් පෙන්නල දෙන්නෙ. මමත් හරිම කැමතියි ඒ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න. සමහර වෙලාවට එයාට පොඩි ඉරිසියා හිතෙන වෙලාවලුත් තියෙනවා. ඒවත් නැත්තෙම නෑ ඉතින්.

● ගෙදර සුද්දිටත් බයයි ද?

අපෝ නැහැ.

● ඔබ වෘත්තිමය රංගන ශිල්පියෙක් ද?

ඔව්.

● ආදරණීය ප්‍රේක්ෂකයින්ට ඔබව දැකගන්න පුළුවන් වෙනත් නිර්මාණ ගැන මතක් කළොත්?

මේ දවස්වල රනිල් කුලසිංහගේ 1990 ටෙලි නාට්‍යයේ මහතුන්ගේ චරිතයටත්” ෂර්මිලා ධර්මරාජගේ රෝස ටෙලි නාට්‍යයේ දාසගේ චරිතයටත් රංගනයෙන් දායක වෙනවා.

● අල්පොන්සුට ආදරය කරන රසිකයින්ට මොකද කියන්න තියෙන්නේ?

තව ඉදිරියටත් අල්පොන්සුව සැක නොකර ආදරණීයව “ජානූ” ටෙලි නාට්‍යයත් සමග රැඳී සිටින්න කියලා තමයි කියන්න තියෙන්නේ.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment