රාජ්‍ය ආදායම ඉහළ නංවන්න අඛණ්ඩ උත්සහායක්

101

ඉදිරියේදී අයවැය හිඟය අඩු කිරීමේ ප්‍රධාන උත්සාහය වනුයේ රාජ්‍ය ආදායම් වැඩි දියුණු කිරීම බව මුදල් අමාත්‍යාංශය කියයි.

මෙයට හේතුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ගෝලීය වශයෙන් වන සාමාන්‍ය අගයට වඩා සැලකිය යුතු ලෙස අඩුවීමත්, එසේම රජයේ වියදම් ගෝලීය වශයෙන් වන සාමාන්‍ය අගයට වඩා ඉහළ මට්ටමක නොපැවතීමත් බවද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ (2023) දැක්වේ. මේ අනුව අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, පොදු ප්‍රවාහනය, ඩිජිටල්කරණය සහ වෙනත් ක්‍ෂේත්‍ර සඳහා තවදුරටත් වියදම් අවශ්‍ය වන බවද එම වාර්තාවේ සඳහන් වේ. මේ නිසා රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අඛණ්ඩ උත්සාහයන් සැලකිය යුතු වැදගත්කමක් දරනු ලබන බවද එම වාර්තාවේ දැක්වේ. ගිය වසරේ (2022) දී සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 10.2ක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment