ටෙන්ඩරයට ගහපු අන්ඩරය

609

ඔක්සිජන් ජනන යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරයකට අනුමැතිය දීමට ඇමැති දියණියකගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු කප්පම් ඉල්ලා ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කළේය .
අදාළ ටෙන්ඩරය අනුමැතිය දීමට නම් තම විශ්‍රාම වයස දීර්ඝ කර දෙන්නැයි අතිරේක ලේකම්වරයා ඇමති දියණියගෙන් ඉල්ලා ඇතැයි එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කිවේය .එපමණක් නොව වැඩි මිල ලංසුව ඉදිරිපත් කර ඇති ආයතනයට එම ටෙන්ඩරය ලබා දීම අත්‍යවශ්‍ය බවද එම අතිරේක ලේකම්වරයා අමාත්‍යවරයාගේ දියණියට දැනුම් දී ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් කිවේ ය.

advertistmentadvertistment
advertistmentadvertistment