පාර දිගේ සෙට් එක එක්ක මහරගමදී සෙට් වෙමුද?

225

ටෙලියේ අත්දැකීම සජීවීව විඳිමු – භානු
මගේ හීනය සැබෑ කළා – ජූඩ්
මේක ‘රෝඩ්ස්’ලාගේ ලෝන්ච් එකක් – අභියා

මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යයක් වන ‘පාර දිගේ’ හි භානු, අභී, ජූඩා එකතුවෙලා හදපු ‘RAWDS’ බෑන්ඩ් එක ඔන්න එළැඹෙන 04 වැනිදා මහරගම යූත් එකට එනවලු. ලංකාවේ තාරුණ්‍ය අතර ජනප්‍රිය ජනිත් ශ්‍රී, වස්ති ප්‍රඩක්ෂන්, පියත් රාජපක්‍ෂ, ෆැලන් ඇන්ඩි්‍රයා වගේම පාරදිගේ ටෙලියේ රෙහානූත් රෝඩ්ස් එක්ක සින්දු කියන්න සූදානමින් ඉන්නේ.

04 වැනිදාට පාරදිගේ සෙට් එකත් එක්ක සෙට් වෙන්න කලින් මේ කතාව කියවලා බලන්න. මොකද එදාට මොනවද වෙන්නෙ කියල භානු, එහෙමත් නැතිනම් ගයාන් ගුණවර්ධන කිව්වේ මේ වගේ කතාවක්.

පාර දිගේ ටෙලි නාට්‍යයේ මම භානුක, සචින් චතුරංග තමයි අභියා. ඉඳුවර සූරියබණ්ඩාර තමයි ජූඩා. අපි තුන්දෙනා පාරේ සිංදු කියන සංගීතවේදියෝ. අපේම කියලා සංගීත රටාවක් හොයාගෙන යන ගමනක තමයි අපි ඉන්නෙ. ටෙලි නාට්‍යයේ එකතැනකදි අපි තුන්දෙනාට එනව අදහසක් සංගීත කණ්ඩායමක් පටන්ගනිමු කියල. ඒ අදහස අනුව තමයි ටෙලි නාට්‍යයේ වගේම අපේ සැබෑ ජීවිතයේත් ‘RAWDS’ ’ බිහිවෙන්නෙ. ඇත්තටම මේ වැඩේට අඩිතාලම දැම්මෙ අභියා නොහොත් සචින්.

පාර දිගේ සෙට් එක එක්ක මහරගමදී සෙට් වෙමුද?

අපි දෙසැම්බර් 04 වැනිදා මහරගම තරුණ සේවා සභාවේදී මේ ප්‍රසංගය පවත්වනව. ගායක ගායිකාවන් අටදෙනකුට අමතරව පාරදිගේ නළුනිළියන් කණ්ඩායමත් එදාට එකතු වෙනව. කුසල් මධුරංග නොහොත් බණ්ඩා තමයි නිවේදන කටයුතු සිදුකරන්නෙ.

රෝඩ්ස් බෑන්ඩ් එකේ සාමාජිකයන් අටදෙනෙක් ඉන්නවා. මම, ඉඳුවර, සචින් අමෝද් මෙන්ඩිස්, ශම්මික ගිල්ෂාන්, රෙහාම් ෂෙහාර, සෙව්නෙත් දේවාස්, මනුජ් ප්‍රනාන්දු තමයි මේ අටදෙනා. අපේ එක ගීතයක් තියෙනව ‘සිමෙන්ති බංකුවේ’ කියල. ඉදිරියේදී අපේම ගීත කිහිපයක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. ටෙලි නාට්‍යයේ මේ වෙනකොට කතාවෙනව අපි ප්‍රසංගයක් කරමු කියල. සැබෑ ජීවිතයේ ප්‍රසංගයේ බර කරට ගත්තෙ අභියා.

අපේ බෑන්ඩ් එක ඉන්ඩෝ කොන්සර්ට් වලට ලෝන්ච් කරන ප්‍රසංගය තමයි ‘ක්වන්ටමේනියා’ කියන්නෙ. ඒකට තවත් සප්‍රයිස් කිහිපයක් වගේම තවත් රංගන ශිල්පීන් ශිල්පිණියන් කිහිපදෙනෙක් සම්බන්ධකර ගන්නව.

පාර දිගේ සෙට් එක එක්ක මහරගමදී සෙට් වෙමුද?

මේ වැඩේට අඩිතාලම දාපු අභියා, එහෙමත් නැතිනම් සචින් චතුරංග ‘ක්වන්ටම් මේනියා’ ගැන ඉදිරිපත් කළේ මේ වගේ අදහසක්.

අපි සැළසුම් කරල කරන පළමු ප්‍රසංගය මේක. අපි බලාපොරොත්තු වෙනව මීගමුව, ගාල්ල, මාතර, අනුරාධපුර, කුරුණෑගල, නුවර වැනි ප්‍රදේශවල වගේම ලෝකෙ වටේත් මේ ප්‍රසංග මාලාව අරගෙන යන්න. හැමෝම අපි ගැන කතා කළාට කවුරුවත් දන්නෙ නැහැ අපිට බෑන්ඩ් එකක් තියෙනව කියල. අපිත් එක්ක කතාකරන සමහර අය අහනව ඔයාලට ඇත්තටම බෑන්ඩ් එකක් තියෙනවද කියල. රෝඩ්ස් කියල බෑන්ඩ් එකක් තියෙනව කියල ඔප්පු කරන්න සහ අපි හොයන අපේ මියුසික් එක සමාජයට දෙන්න තමයි ‘ක්වන්ටමේනියා’ ප්‍රසංගයේ බලාපොරොත්තුව.

මේක ඇත්තටම වෙනස් ප්‍රසංගයක්. ගොඩක් කොන්සර්ට්වල දකින්නෙ ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් ඇවිත් ගීත ගායනා කරල යන එක. නමුත් අපි මේ කොන්සර්ට් එකට ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායක ගායිකාවන් වගේම දක්‍ෂ ජනප්‍රිය නළුනිළියන් රැසකුත් ගායනයෙන් වගේම රංගනයෙනුත් එකතුකර ගන්නව. අපි ‘ක්වන්ටමේනියා’ කියල ප්‍රචාරක කටයුතු කරගෙන යන්නෙ ගායක ගායිකාවන්ගේ නම් විතරයි. නමුත් එදාට මෙතැනට එන ප්‍රේක්‍ෂකයන්ට ඊට වඩා දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනව. පාර දිගේ සෙට් එක එකතුවෙලා කරන සප්‍රයිස් අයිටම් එකකුත් එදාට තියෙනව.

මේක කෙටිකාලීන ආයෝජනයක් නෙමෙයි. අනාගත ආයෝජනයක්. බෑන්ඩ් එක ඇත්තටම එදාට තමයි කලඑළි බහින්නෙ. අපි ‘රෝඩ්ස්’ කියල බෑන්ඩ් එක පටන්ගත්තෙ පාරදිගේ නාට්‍යය අවසන් වෙනකොට අවසන් කරන්න නෙමෙයි. බෑන්ඩ් එකේ කටයුතු දිගටම කරගෙන යනව.

ඇත්තටම කිව්වොත් මේක මියුසිකල් ඉවෙන්ට් එකක් නෙමෙයි. මියුසික්, ඇක්ටින් කම්බයින්ඩ් කරල කරන වැඩක්. ඉතිං එදාට මගේ උපරිම සහයෝගය මේ වැඩසටහන වෙනුවෙන් ලබා දෙනව. ජූඩ්ට කොහොමත් වුවමනා වෙලා තිබුණෙ මොකක් හරි වැඩක් කරන්න. ඉතිං අභියා තමයි මගේ හීනය අතට අරගෙන කරන්න පටන්ගත්තෙ. මම බෑන්ඩ් එකේ රිදම් ගිටාර් වාදකය. මේක ඇත්තටම වෙනස්ම ප්‍රසංගයක් වේවි කියල අපිට කිව්වෙ ජූඩා, එහෙමත් නැතිනම් ඉඳුවර සූරියබණ්ඩාර.

පාරදිගේ ටෙලි නාට්‍යයේ ඔයාල ආදරය කරන හැම චරිතයක්ම එදාට ඔයාල ඉඳීවි කියල මම හරි විශ්වාසයෙන් කියනව. පසුගිය දා විකාශනය වුණ කොටසකදී අපේ බණ්ඩා කියනව උඹලා ෂෝ එකක් කරන්නෙ නැත්නම් මම කරනව කියල නිවේදනය කරන්නම් කියල. ටෙලි නාට්‍යයෙන් ඔබ දුටු ඒ දර්ශනය සජීවීව එදාට නරඹන්නත් පුළුවන්කම ලැබෙනව කියල අභී අවසන් වශයෙන් කිව්වා.
මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment