වරායේ හිර වුණු කන්ටේනර් මුදා ගැනීම වෙළෙඳ අමාත්‍යාංශයේත් අවධානයට

116

විදේශ විනිමය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා කොළඹ වරායේ හිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1000 ට වැඩි ප‍්‍රමාණයක් නිදහස් කර ගැනීම පිණිස මැදිහත්වීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 වෙළෙඳපොළ තුළ මෙම භාණ්ඩ විශාල ලෙස හිඟ වී ඇති බැවින් ඒවායේ මිල ඉහළ ගොස් ඇත. කෙසේ වුවද මෙම කන්ටේනර් මුදාගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමය මුදාහරින ලෙස වෙළෙඳ අමාත්‍යාංශය රජයෙන් ඉල්ලා ඇති නමුදු ඒ සඳහා තවමත් පිළිතුරක් ලැබී නැත.

 භාණ්ඩ මිල ඉහළ යෑම වැළැක්වීමට රජය ඇතැම් භාණ්ඩ වෙනුවෙන් මිල පාලන නීති රීති පනවා ඇත. එම මිල පාලනය නොතකා වෙළෙඳුන් භාණ්ඩ මිල ඉහළ දමා ඇතත් මෙයට එරෙහිව පියවර ගැනීමට තරම් ශක්තියක් පාරිභෝගික අධිකාරියට නැතැයිද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment