ජනපතිට එන පැමිණිලිවලට දුරකථනයෙන්ම විසඳුම් දෙයි

184

ජනාධිපති කාර්යාලයට ලිඛිතව හා දුරකථන මගින් යොමු කෙරෙන පැමිණිලි සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.

ඒ අනුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීන් සියලු දෙනා සිය නිල කාමරයට කැඳවා දුරකථන කිහිපයක් ද ගෙනැවිත් තෝරාගත් පැමිණිලි 35කට පැයක දී විසඳුම් ලබාදීමට කටයුතු කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමට පෙර සිට ම ලිඛිතව හා දුරකථන මගින් ලැබුණු පැමිණිලි හා ඉල්ලීම් සිය ගණන් තියෙන බවත් නව තාක්‍ෂණය යොදා ගනිමින් ඒවාට අවශ්‍ය පියවර ගැනීමට ද කටයුතු කළ බවත් සාගල රත්නායක මහතා කියයි.

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ මෙම වැඩසටහන සෑම සතියකම ක්‍රියාත්මක කිරීමටත් එය සාර්ථක වුවහොත් අනෙකුත් රාජ්‍ය ආයතනවලට ද මෙම ක්‍රමය හඳුන්වාදීමටත් සාගල රත්නායක මහතා තීරණය කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment