පාලිත තෙවරප්පෙරුම මියගියේ විදුලිසර වැදී අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට බරපතල හානි වීමෙන්

121

පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වෙයි
අනතුර වූ ස්ථානයටත් අධිකරණ වෛද්‍ය නිලධාරී යයි
දේහය බිරිඳට භාරදෙයි
දොඩංගොඩ සහ යටදොළවත්ත මාර්ග දෙපස සුදු කොඩි – බැනර්

හිටපු රාජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදු වූ බරපතළ හානි හේතුවෙන් සිදු වූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.

කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.එම්.ටී.බී. ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17 දා) කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි.

පාලිත තෙවරප්පෙරුම මියගියේ විදුලිසර වැදී අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට බරපතල හානි වීමෙන්

ඇමැතිවරයා අනතුරට ලක්වූ යටදොළවත්ත, නවුත්තුඩුව කරම්පෑතර පිහිටි ස්ථානය කළුතර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.එම්.ටී.බී. ගුණතිලක මහතා විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබීය.

හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන අමිතා නාලිංගනී අමරතුංග මහත්මිය විසින් කළුතර ශික්ෂණ රෝහලේදී මෘත දේහය හඳුනාගන්නා ලදී.

අනතුරුව කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් හිටපු ඇමැතිවරයා අනතුරට ලක් වූ ස්ථානය නිරීක්ෂණය කෙරූ අතර, මතුගම අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් ද සිදුකරන ලදි.

පාලිත තෙවරප්පෙරුම මියගියේ විදුලිසර වැදී අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට බරපතල හානි වීමෙන්

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට පෙර කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙනිය මහත්මිය විසින් ද මෘත දේහය පරීක්ෂා කරනු ලැබීය.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් ද කළුතර ශික්ෂණ රෝහලට පැමිණ සිටි අයුරු ද දැකගත හැකි විය.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පස්වරු 3.30 ට පමණ මෘත දේහය අමාත්‍යවරයාගේ බිරිඳ වෙත භාරදීමෙන් පසු කළුතර පිහිටි මල් ශාලාවක් වෙත රැගෙන යනු ලැබීය. දේහය නිවසට ගෙන යෑමට නියමිතව තිබුණි.

මතුගම පොලිසියේ සැරයන්වරුන් වන (48471) ජේ. ඒ. එන්.එස්. ජයලත් සහ (27739 ) නිමල් ශාන්ත පොලිසිය වෙනුවෙන් සාක්කි මෙහෙය වීය.

පාලිත තෙවරප්පෙරුම මහතා පිළිබඳ ශෝකය පළ කරමින් දොඩංගොඩ සහ යටදොළවත්ත ඇතුළු ප්‍රදේශවල මග දෙපස සුදු කොඩිවලින් සහ ශෝක ප්‍රකාශිත බැනර්වලින් සරසා තිබූ අතර, විශාල පිරිසක් මතුගම, යටදොළවත්ත නිවසට පැමිණෙමින් සිටින අයුරුද දැකගත හැකි විය.

වාද්දුව සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment