මිලර්ගේ පිතිහරඹය අපතේ යයි

220

ඉන්දියාව සහ සංචාරක දකුණු අප්‍රිකාව අතර පැවති දෙවැනි පන්දු වාර විස්සයි-20 ක්‍රිකට් තරගයේ දී පන්දු 47 කදී නොදැවී ලකුණු 106 ක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර් සමත් වුවද ඉන්දියාවට තරගයෙන් ලකුණු 16ක ජයග්‍රහණයක් අත්වූයේය.

 සත්කාරක ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දී ලබාගත් ලකුණු 237ක දැවැන්ත ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් හතර වෙනි කඩුල්ල සඳහා ඩේවිඩ් මිලර් සහ කුවින්ටන් ඩි කොක් එකතුව ලකුණු 174ක සම්බන්ධතාවයක් ගොඩනැඟූහ. මිලර් ගේ ඉනිම සඳහා හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් ඇතුළත් වූ අතර මෙම ජයග්‍රහණයත් සමග ඉන්දියාවට තරගාවලියේ ජයග්‍රහණය අත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment