නවසීලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට කොරෝනා නීතිවලට එරෙහිව විරෝධතා

158

නවසීලන්තයේ පනවා ඇති කොරෝනා මර්දන නීති රීතිවලට හා කොරෝනා එන්නත්කරණය අනිවාර්ය කිරීමට විරෝධය පාමින් විරෝධතාකරුවන් සිය ගණනක පිරිසක් දින දෙකක් මුළුල්ලේ නවසීලන්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටිති.

 නවසීලන්තයේ අගනුවර වන වෙලින්ටන් නගරයේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට කඳවුරු බඳිමින් මහාමාර්ග අවහිර වන අයුරින් විරෝධතාවයේ යෙදී සිටින මෙම විරෝධතාකරුවන් සංඛ්‍යාවෙන් කුඩා වන බැවින් ඔවුන් බහුතර නවසීලන්ත ජාතිකයන් නියෝජනය නොකරන බව පවසා ඇති අගමැතිනි ජසින්ඩා ආඩන් එම පිරිසේ ඉල්ලීම් නොසලකා හැරීමට තීරණය කර තිබේ. නවසීලන්ත අගමැතිනිය අනුගමනය කරමින් සෙසු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ද අදාළ විරෝධතාකරුවන් හමු නොවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ‘නිදහස සඳහා වන කණ්ඩායම’ යනුවෙන් විරෝධතාකරුවන් විසින් සිය කණ්ඩායම හඳුන්වා දී ඇති අතර ඔවුන් දැඩි ලෙස විරෝධය පළ කර සිටිනුයේ කොරෝනා එන්නත්කරණය අනිවාර්යය කර තිබීමට එරෙහිවය. මෙම පිරිස මෙම දිනවල කැනඩාව පුරා පැවැත්වෙන කොරෝනා එන්නත්වලට එරෙහි දැවැන්ත විරෝධතා ව්‍යාපාර අනුගමනය කරමින් සිය විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇති බව හෙළි වී ඇත. පාර්ලිමේන්තුවෙන් පිටත විරෝධතාවයේ යෙදී සිටින පිරිස රටේ බහුතරය නියෝජනය නොකරන අතර රටේ බහුතරය මේ වන විටත් එකිනෙකා කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කිරීමට අවශ්‍ය සැම ක‍්‍රියාවක්ම සිදු කරමින් සිටින බව අගමැතිනිය මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබේ.

 සංස්කරණය –  ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment