ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන කල් තැබීමේ විවාදය – 9 – 10 – 12 දිනවල

78

අයවැය සංශෝධිත පනත් කෙටුම්පත 9 දා මැතිසබයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03 දා) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 9, 10 සහ 12 යන දිනවල පැවැත්වීමට ඊයේ පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.

එසේම 2022 අය වැය සංශෝධිත පනත් කෙටුම්පත 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මෙහිදී තීරණය කර ඇත.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment