ආගමික නායකයන්ගේ විරෝධය මත විවෘත කළ මත්පැන් අලෙවිසල ඉදිරිපස විරෝධතා

3026

ආගමික නායකයන්ගේ හා ජනතාවගේ දැඩි විරෝධය මැද මන්නාරමේ මාන්තෙයි වේදියමුරුප්පු ප්‍රදේශයේ විවෘත කරන ලද මත්පැන් අලෙවිසලක් එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ගම්වාසීන් පිරිසක් 12 දා එම මත්පැන් ශාලාව ඉදිරිපිට විරෝධතාවයක් දියත් කළහ.

ආගමික නායකයන්ගේ විරෝධය මත විවෘත කළ මත්පැන් අලෙවිසල ඉදිරිපස විරෝධතා

මේ අවස්ථාවේදී පොලිසිය පැමිණ විරෝධතාකරුවන් ඉවත් කිරීමට උත්සහ කළ අවස්ථාවේදී ගම්වාසීන් පොලිසියටද දෝෂාරෝපණය කරමින් පවසා ඇත්තේ මෙම ස්ථානයේ මත්පැන් අලෙවිසල ආරම්භ කිරීම සඳහා පොලිසියද සහය ලබා දී ඇති බවට චෝදනා කරමිනි.

මේ අවස්ථාවේදී මත්පැන් අලෙවිසල පවත්වා ගෙන යන අයිතිකරු ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එම වෙළෙඳසල වසා දැමුවහොත් තම සේවකයන් හත් දෙනකුට සේවය අහිමි වන බවයි.

මේ ප්‍රකාශයත් සමග උරණ වූ ගම්වාසීන් ඔහුට පවසා ඇත්තේ ඔවුන් ඉල්ලා සිටින්නේ මත්පැන් අලෙවිසල වසා දමන ලෙස නොව ආගමික ස්ථාන පාසල් හා ළමයින් බහුලව ගැවසෙන මේ ස්ථානයේ ආරම්භ කළ මත්පැන් අලෙවිසල වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙසයි.

මත්පැන් අලෙවිසලේ හිමිකරු හා ප්‍රදේශවාසීන් අතර හටගත් ආරවුල පොලිසියට සමථයකට පත්කිරීමට අසීරු වූ අවස්ථාවේදී මත්පැන් අලෙවිසල වසා දමා වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස එහි අයිතිකරුට මන්නාරමේ බලධාරීන් උපදෙස් දී තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment