කාන්තා වයස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලිය

69

දැවැන්ත ජයක් සමග මහනුවර පෙරමුණේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කාන්තා වසස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (11 දා) පැවැති තරගවලදී මහනුවර කණ්ඩායම විසින් ත්‍රිකුණාමල කණ්ඩායමට එරෙහිව ලකුණු 82 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළේය. මෙම ජයග්‍රහණය මහනුවර කණ්ඩායම මෙවර තරග වාරයේදී පිට පිටම වාර්තා කරන ලද තෙවැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් වෙමින් එම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි.

කාන්තා වයස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලිය

පල්ලෙකැලේ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී මහනුවර කණ්ඩායමේ සංසලා වනිගසේකර පන්දු 61 කදී හතරේ පහර 6 ක් ද සමඟින් නොදැවී ලකුණු 72 ක් ලබා ගැනීමත් සමඟ එය මෙම තරග වාරයේ පිතිකාරිණියක් රැස් කරන ලද ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. මීට පෙර ඉනිමක වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූයේ ගාල්ල කණ්ඩායමේ සංජනා කාවින්දි රැස් කරන ලද ලකුණු 52 විය.

පන්දුවට පහර දීමේදී මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනාම මුළු ලකුණු සංඛ්‍යාව 29 ක් තිබියදී දැවී ගිය අතර අනතුරුව පිටියට එක් වුණු සංසලා වනිගසේකර සහ තරූෂා තත්සරණි (26) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 107 කදී නොබිඳුණු ලකුණු 101 ක සම්බන්ධතාවක් පවත්වමින් කැන්ඩි පිල ජය මාවත වෙත රැගෙන යෑමට මුල් වූහ.

පිතෙන් එසේ දස්කම් දක්වද්දී පන්දු යැවීමෙන් කැපී පෙනුණු නිමේෂිකා සෙනෙවිරත්න ලකුණු 11 ක් ඇතුළත කඩුලු 5 ක් දවා ගත්තාය. ඇයගේ පන්දු යැවීම මෙවර තරග වාරයේ තෙවැනි හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් විය. පන්දු වාර 3.1 ක් යැවූ නිමේෂිකා ලකුණු 11 කට කඩුලු 5 ක් දවා ගත්තාය.

කාන්තා වයස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලිය

ඒ හැරුණු විට අද පැවති සෙසු තරගවලදී කළුතර කණ්ඩායමට එරෙහිව කොළඹ දකුණු කණ්ඩායම කඩුළු 6 ක ජයක් වාර්තා කරද්දී කොළඹ උතුරු සහ ගම්පහ අතර තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිත විය.

මහනුවර පිලට ලකුණු 82 ක ජයක් මහනුවර කාන්තා කණ්ඩායම පන්දු වාර 20 කදී කඩුලු 2 ට ලකුණු 130 යි – (සංසලා වනිගසේකර 72, තරුෂි තත්සරණි 26)

ත්‍රිකුණාමල කාන්තා කණ්ඩායම පන්දු වාර 14.1 කදී සියලු දෙනා දැවී ලකුණු 48 යි – (මිතලි අයෝද්‍යා 12, නිමේෂිකා සෙනෙවිරත්න 11/5, ශනිල්කා සත්‍යාංගනී 17/2)

කාන්තා වයස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලිය

කොළඹ දකුණට කඩුලු 6 ක ජයක් කළුතර කාන්තා කණ්ඩායම පන්දු වාර 18 කදී කඩුලු 6 ට ලකුණු 98 යි – (ජනදි අනාලි 16, නවෝද්‍යා නෙත්මිනී 12, නිලූෂා ප්‍රනාන්දු 16, රෂිනි පෙරේරා 31, ඉමල්ෂි යසාරා 15/3)

කොළඹ දකුණ කාන්තා කණ්ඩායම පන්දු වාර 16 කදී කඩුලු 4 ට ලකුණු 99 යි – (ශිකාරි ද සිල්වා 35, දෙව්නි ජයසිංහ 16, චුෂාදි කෞෂල්‍යා 29)

කොළඹ උතුර – ගම්පහ අතර තරගය ප්‍රතිඵල රහිතයි

කොළඹ උතුර කාන්තා පිල පන්දු වාර 20 කදී කඩුලු 6 ට ලකුණු 100 යි – (මනුදි නානායක්කාර 47, ශෂිනි අයේෂිකා 24, නිකේෂා විජේසේකර 06/3)

ගම්පහ කාන්තා පිල පන්දු වාර 1 ක් අවසනදී කිසිවකු නොදැවී ලකුණු 02 යි.

advertistmentadvertistment
advertistmentadvertistment