අරගලයට අපහාසය ආණ්ඩුවේ අලුත්ම මෙහෙයුමයි – නිරෝෂා අතුකෝරල

188

මේ රටේ පොදු ජනතාව පීඩනය තුළින් පැන නැඟුණු අරගලයට කැපවුණු ජනතාව හෑල්ලුවට ලක් කිරීමට පොහොට්ටුවේ සමහරු මැර තර්ජන එල්ල කිරීම, අසත්‍ය චෝදනා ප්‍රකාශකිරීම කනගාටුදායක බව සමගි ජනබලවේගයේ බියගම සම සංවිධායිකා හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල මහත්මිය පැවසුවාය.

පොදු ජනතාව ගැවසෙන ස්ථානයක යම් යම් තරාතිරම්වල අය ගැවසිය හැකි නමුත් සමස්ත ජනතාවගේ මුඛ්‍ය අරමුණ පවාදීමට තරම් ආණ්ඩුවේ ඇතැමුන් නිවට වී ඇති බවත් අරගලය තුළින්ම ජනාධිපතිවීමට අවස්ථාව ලද ජනාධිපතිවරයාට මුවා වී පොහොට්ටුව අද හැසිරෙන ආකාරයට ජනතාව ඉදිරියේ නිසි පිළිතුරු දෙනු ඇති බවද ඇය කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවාය.

අරගලයෙන් රටට ලෝකයට දුන් අභීත පාඩම තේරුම් ගෙන වැරදි හදාගෙන යන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරු නොසිතීම ලැජ්ජා සහගත කරුණක් යැයිද ඇය කීවාය. රාජපක්ෂවරුන්ගේ කටු සූප්පු කරන රෙදි හෝදන ඇතැම් කුට්ටිලාට මේවා නොතේරීම ඔවුන්ගේ පරිහානියටම තුඩු දෙන කරුණක් වනු ඇති බව ද ඇය කීවාය.

advertistmentadvertistment
advertistmentadvertistment