මැණික් මල්ල ගල් වෙලා – ව්‍යාපාරිකයා ඇන්දිලා – පූජකයා මාරු වෙලා

1486

ව්‍යාපාර දියුණු කිරීමට යැයි කියා රුපියල් ලක්‍ෂ හතළිස් තුනක් වටිනා මැණික් හා රන් අඩංගු මල්ලක් දෙස බලා යාගයක් කළ පූජක වෙස්ගත් පුද්ගලයකු ව්‍යාපාරිකයකුගේ සේසතම ගෙන පලාගිය පුවතක් හලාවත ප්‍රදේශයෙන් වාර්තා වේ.

හලාවත හෝටලයක මෙම යාගය පවත්වා ඇති අතර මැණික් හා රන් භාණ්ඩ පිරවූ මල්ල දෙස බලා පැයක් තිස්සේ මෙම යාගය කර ඇත. මෙම යාගය සිදුකිරීමෙන් පසු පූජකයා කියා ඇත්තේ පැය කිහිපයක් යනතුරු මල්ල විවෘත නොකරන ලෙසයි. ඒ ලබාදුන් උපදෙස් මත ව්‍යාපාරිකයා පැය ගණනාවකට පසු මල්ල විවෘත කර බැලූ විට එහි තිබී ඇත්තේ ගල්කැට කිහිපයකි. සිද්ධිය පිළිබඳ හලාවත පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
නෝමන් පලිහවඩන, ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment