මංගල සීනු මැද මනාලියට සහ මනාලයාට පොලිසිය ඉදිරිපිටදීම මවගෙන් ගුටි පූජාවක්

1350

දෙමාපියන්ගේ අවසරය නොලැබුණත් පරම පවිත‍්‍ර වූ පේ‍්‍රමයෙන් සැබැඳි තරුණ පෙම් යුවළක් තමන් නීත්‍යනුකූලව විවාහ ගිවිසගත් සහතික පත‍්‍රය පොලිසියට ඉදිරිපත් කිරීමට පැමිණි මොහොතේ පොලිසිය ඉදිරිපිටදීම මනාලියගේ මව මංගල ඇඳුමෙන් සැරසී සිටි සිය දියණියට සහ ඇය තම අනවසරයෙන් විවාහ කරගත් තරුණයාට සිත් සේ පහරදීමක් ඊයේ (24 දා) පෙරවරුවේ සිදුවිය.

නිකවැරටිය මූලස්ථාන පොලිසිය ඉදිරිපිට ඊයේ පෙරවරුවේ තරුණ මංගල යුවළට මනාලියගේ මව විසින් මෙසේ පහර දෙන ලදී.

ඇඟලූම් කම්හලක සේවයේ යෙදී සිටින අවුරුදු 24 සහ 20 පමණ වූ තරුණ පෙම් යුවළ දෙමාපියන්ගේ විරුද්ධත්වය නොසලකා දින කීපයකට පෙර එක්තැන් වූයේ ඔවුන්ගේ සැබැඳි පේ‍්‍රමය නිසාමය. මෙසේ දින කීපයක් ගෙවී ගියත් තම දියණියගේ අතුරුදන්වීම නිසා දැඩි සේ සිත් තැවුලට පත් මව මෙදින දියණිය සහ ඇය විවාහකරගත් තරුණයා නිකවැරටිය පොලිසියට එන බව කල්වේලා ඇතිව දැනගත්තාය. ඒ අනුව පොලිසිය ඉදිරිපිට රැඳී සිටියාය. විවාහ සහතිකය රැගෙන පොලිසියට පැමිණි සිය දියණිය සහ ඇය විවාහකරගත් තරුණයා දුටු විගසම දෙදෙනාටම මව දිගින් දිගටම පහර දෙන්නට වූවාය. තමන්ගේ පියා ඔත්පළ වී සිටියදී ගෙදරින් පිටමන්වීම හා තමන්ගේ බහට අවනත නොවීම නිසා දැඩි සේ සිත්තැවුලට පත්වී සිටි මව මෙසේ හැසිරී ඇත.

මවගේ පහරකෑමට ලක්වූ තරුණ පෙම් යුවළ, මව සහ බාල සොයුරිය කඳුළු සලමින් බලා සිටියදී ඔවුන්ගේ ලෝකයට පියනැ`ගුවේ සබැඳි සෙනෙහසිනි.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment