පිරිවෙනට සීලමාතා ආයතනයට ජනපති අරමුදලෙන් ශිෂ්‍යත්ව

55

අධ්‍යාපන කටයුතු සඳහා පිරිවෙන් හා සීලමාතා ආයතන තුළ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා/සීල මාතාවන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් 2024 සහ 2025 වසර සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.

ඒ අනුව දිවයිනේ පාසල් ආවරණය වන පරිදි අධ්‍යාපනික හා විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා දක්ෂතා දක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබාදීම සිදුකරනු ලබයි.

මෙම වැඩසටහනට සමගාමීව අධ්‍යක්ෂ (පිරිවෙන්) ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමියන්ගේ ඉල්ලීම අනුව සියලුම පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන සඳහා ද එම ශිෂ්‍යාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එක් පිරිවෙනකට/සීලමාතා ආයතනයකට ශිෂ්‍යත්ව 05 බැගින් පිරිවෙන් 825 සඳහා ම ශිෂ්‍යත්ව 4125 ක් ලබාදීමට නියමිතය. මසකට රුපියල් 3000/6000 බැගින් මෙම ශිෂ්‍යාධාර මුදල ලබාදෙනු ලැබේ.

මේ සම්බන්ධයෙන් ඉකුත් 25 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා හා අධ්‍යක්ෂ (පිරිවෙන්) ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමිගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් පවත්වන ලදී.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment