ජනගහනයෙන් 14.6%කට දියවැඩියාව

92

මෙරට දියවැඩියා රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවත් ජනගහනයෙන් 14.6% ක් මේ වනවිට දියවැඩියා රෝගයට ගොදුරුව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට අනුකූල ලෙස කරන ලද සමීක්‍ෂණයට අනුව අවුරුදු 18 ත් 69 ත් අතර වැඩිහිටියන් නියෝජනය වන පරිදි ලබා ගත් රුධිර සාම්පල පරීක්‍ෂාවෙන් මේ බවට තහවුරු වී ඇතැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අරුන්දිකා සේනාරත්න මහත්මිය ඊයේ (09 දා) සෞඛ්‍ය ප්‍රර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී සඳහන් කළා ය.

2015 වසරේ දී කළ සමීක්‍ෂණ වාර්තාවන්ට අනුව මෙරට ජනගහනයෙන් 7.49% ක්ම පැවැති දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට 14.6% ක් දක්වා වර්ධනය වී ඇති බවත් එයට හේතුවී ඇත්තේ ආතතිය හා සෞඛ්‍යමත් නොවන ආහාර රටාවන්හී වැඩිවීම බව ද විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියා ය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment