අද කාලගුණය

430

ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් අද දින ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් මඩකලපුව, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය කිහිපය තුළ තවදුරටත් වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.නැගෙනහිර, ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මාතලේ, පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

advertistmentadvertistment
advertistmentadvertistment