පාස්කු සිද්ධිය දා රාජකාරි පැහැර හැරිය පොලිස් සැරයන් සේවයෙන් දොට්ට

181

පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ සිය රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවට වැරදිකරුවූ කටාන පොලිසියේ බුද්ධි අංශයට අනුයුක්ත සැරයන්වරයකු පොලිස් මූලස්ථානය මගින් සේවයෙන් පහකර ඇත.

මෙම නිලධාරියාට එරෙහිව විනය කඩ කිරීමේ චෝදනා 12ක් එල්ලවී තිබූ අතර ඒ සියලු චෝදනාවලට වරද පිළිගැනීමට එම නිලධාරියා කටයුතු කර තිබිණි.

ඒ අනුව පොලිස්පතිවරයා විසින් පසුගිය 14 වැනිදා සිට මෙම නිලධාරියා සේවයෙන් පහ කිරීමට කටයුතු කර තිබේ.

ඉකුත් 2019 වර්ෂයේ අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මෙම සැරයන්වරයා කටාන පොලිසියේ බුද්ධි අංශයට අනුයුක්තව රාජකාරි කළේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment