‘උත්තරීතර’ පාර්ලිමේන්තුව

970

ආරක්‍ෂාව තහවුරු කරනතුරු මැති සබය වර්ජනය කිරීමට විපක්‍ෂයේ සම`ගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් තීරණය කර ඇත. ආරක්‍ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඇත්තේ පහරදීමේ තැතක් මුල්කරගෙන බව ඔවුන්ගේ වර්ජනයට හේතු දක්වමින් පෙන්වාදී ඇත. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට පාර්ලිමේන්තුව තුළදීම අනාරක්‍ෂිත බවක් දැනෙන්නේ නම් එය කථාබහට ලක් විය යුතු කරුණකි.සජබ මන්ත‍්‍රීවරුන් ඉල්ලා සිටින්නේ ආගමික අන්තවාදී හෝ ජාතිවාදී ත‍්‍රස්තවාදීගෙන් තමන් ආරක්‍ෂා කර දෙන ලෙස නොව එකට කන බොන එකට ක‍්‍රීඩා කරන ආණ්ඩු පක්‍ෂයේ සහෝදර මන්ත‍්‍රීවරුන්ගෙන් තමන් ආරක්‍ෂා කරදෙන ලෙසය.

මෑතක සිට විශේෂයෙන් ආණ්ඩුව පිහිටුවූ දා සිට ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන් මැති සබයේ කථා කරන හැසිරෙන අයුරු දෙස බලන විට ඔවුන් වෙතින් ‘‘චණ්ඩිකාර’’ බවක් පෙන්නුම් කරන අයුරු නොකියාම බැරිය. සාමාන්‍යයෙන් ආණ්ඩු බලයත් සම`ග සියලූම බලයන්ගේ එකතුවකින් හැසිරෙන මැති ඇමැතිවරුන් සෑම ආණ්ඩුවක් තුළම දකින්නට ලැබෙන සුලභයක් වන්නේය.

ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් විපක්‍ෂයේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන විට විදහා පාන කථා විලාසය හා හැසිරීම නාගරික රස්තියාදුකාර කණ්ඩායම් අතර ඇති ‘‘චණ්ඩිකාර’’ බවක් පෙන්නුම් කරන්නේය. විපක්‍ෂයෙන් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙන ඇතැම් ඇමැතිවරු පිළිතුරට කිසිදු අදාළත්වයක් නැති වැල්වටාරම් දෙසා බා අන්තිමට පැවති යහපාලන ආණ්ඩුව පිට සියලූ වැරදි ඇද දමති.

රාජ්‍ය ඇමැතිවරයකු විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයකුට පහරදීමට දැරූ තැතක් ව්‍යර්ථ වී ඇත්තේ වේත‍්‍රධාරී නිලධාරී තැනගේ හා මැති සබේ පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමෙනි. මෙහිදී කවුද හරි කවුද වැරදි දන්නෝ දනිති. ඇත්ත වශයෙන්ම මෙය ඉතා නරක තත්ත්වයකි. දේශපාලන මතවාදයන්ට ගහගැනීම්, පිහි ඇනුම් දක්නට ලැබුණේ ගම් පළාත්වලය. දැනුවත් භාවයෙන් අඩු තමන් ඡන්දය දෙන පක්‍ෂය ආගම කරගත් ගම්වැසියන් දේශපාලනයේදී ඇන කොටා ගැනීම එතරම් ගණන් ගත යුතු දෙයක් ලෙස කවුරුවත් නොසැලකූහ. ඒ ඔවුන්ගේ අඬදබරකම් ඡුන්ද කාලයට පමණක් වන බැවිනි. එහෙත් ගම්වැසියන්ගේ නියෝජිතයන් වන මන්ත‍්‍රීවරුන් මෙසේ හැසිරෙයි නම් අප සිටින තැන ගැන අපම සිතා බැලිය යුතුයි.

මන්ත‍්‍රීවරුන් ඡන්ද කාලයට පාර්ලිමේන්තු ඒමට දරන පොරය රැස්වීම්වලට සහභාගිවීමට නොතිබීම සම්බන්ධයෙන් අයවැය කාරක සභා අවස්ථාවේදී කථානායකවරයා කනගාටුවෙන් සිහිපත් කර පෙන්වාදී ඇත්තේය. ජනාධිපතිවරයා සභාවට පැමිණෙන දිනට පමණක් මැති ඇමැතිවරුන් සියලූ දෙනා දක්නට ඇති බව පෙන්වා දෙන කථානායකවරයා ඇමැතිවරුන් සභාවට ගෙන්වා ගැනීමට නම් ජනාධිපතිවරයාද සෑම දිනකම ගෙන්වා ගැනීමට සිදුවන බව කියා ඇත.

පාර්ලිමේන්තු ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ දින 52 ආණ්ඩුවෙන් සිදු වූ භෞතිකමය මෙන්ම න්‍යායාත්මක හානිය සුළුපටු එකක් නොවේ. න්‍යායක් ලෙසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත් භෞතිකව භාණ්ඩ හා දේපළවලටත් එදා සිදුවූ අලාභහානිය ගැන කවුරුවත් කථා නැත. පෑන් පහරකින් පටන්ගෙන බැරල් ගණන් පැල්ලම් එක් කරන්නට තිබු ව්‍යවස්ථා විරෝධී එම ක‍්‍රියාදාමය අධිකරණයේ මැදිහත් වීමෙන් වැළකී ගියේය. එදා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී එම සිද්ධි දාමයෙන්

ලැබු පන්නරය අද දවසේ ආණ්ඩු පක්‍ෂ මැති ඇමැතිවරුන්ගෙන් ඈත්ව නොගොස් ඇති බවත් පෙනෙන්නට ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අත්දැකීම් ඇති නායකකාරකාදීන් එසේ හැසිරෙන විටදී කණිෂ්ඨයින්ගේ හැසිරීම ගැන පුදුම විය යුතු නැත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සිදුවූ අඩන්තේට්ටම්, ගහබැණ ගැනීම් අද ඊයේ පමණක් සිදු වන දෙයක් නොව හෙළ උරුමයෙන් තේරීපත්වූ ස්වාමීන් වහස්සේලාට දේශපාලනය එපා වන තරමට හිරිහැර, ශරීරාවයවයන්ට තැළීම් සිදු වූයේද උත්තරීතර යැයි කියන මේ පාර්ලිමේන්තු සභා ගැබ තුළදීමය. පාතාල කල්ලි අතර සිදුවන ගැටුම් සිහිගන්වමින් එදා මිරිස්කුඩු, පිහි තළ දක්නට ලැබිණි.

ළදරු පාසැලේ සිට පාර්ලමේන්තුව දක්වා වූ ආයතන උදෙසා ප‍්‍රධානියෙක් පත්කර ඇත්තේ එම ආයතන මනා පැවැත්මක් මත පවත්වා ගැනීම අරමුණු කරගෙනය. පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ උත්තරීතරභාවය රැක ගැනීම්වස් කථානායකවරයා සතු කාර්යභාරය සුළුපටු නොවන බව යළි යළිත් කිව යුතු නොවේ. පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාර අවස්ථාවලදී ඒවා මැඩපවත්වා දුර දිග නොයන්නට එසමයේ සිටි කථානායකවරුන් කටයුතු කළ අයුරු ඉතිහාසයේ කොතෙකුත් ඇත්තේය. කථානායක යනු ආණ්ඩු පක්‍ෂයට අයත් තනතුරක් නොව පාර්ලිමේන්තුව උදෙසා ප‍්‍රධානියාය. බොහෝ අවස්ථාවල කථානායක තනතුරට පත්වනුයේ සභාවේ අත්දැකීම් බහුල කාගේත් ගෞරවාදරයට පත්වූ අයෙකි. ඒ තුළින්ම එම තැනැත්තාට සභාව පවත්වාගෙන යෑමට පිටිවහලක් සැපයේ. ආණ්ඩු පක්‍ෂ විපක්‍ෂ මත ගැටුමකදී එම මත ගැටුම් ගුටි කෙළියක් වන්නට ඉඩ නොදී කිසිවකුගේවත් සිත් පෑරීමක් නොවන අයුරින් සන්සිඳුවා ගැනීම කථානායකවරයා සතු වගකීමකි. නැතහොත් ගුටි කෙළිය පිහි අනුමකින් කෙළවර වී උත්තරීතර පාර්ලිමේන්තුව ගමේ රස්තියාදු බෝක්කුවක් බවට පත්විය හැකි බැවිනි.

advertistmentadvertistment
advertistmentadvertistment