පොලිසියේ පිරිසක් ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි

625

ව්‍යාපාරිකයෙකුට පහරදී රුපියල් කෝටි 8ක් පමණ වටිනා රන් බිස්කට් කිලෝ 2ක් පැහැර ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.ඒ අනුව, කොළඹ උතුර කොට්ඨාසයේ පොලිස් අංශ තුනක පොලිස් නිලධාරීන් 08 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.ඒ අතර උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙක්, පොලිස් සැරයන්වරයෙක් හා පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කරයි.ව්‍යාපාරිකයෙකුට පහරදී පොලිස් නිලධාරීන් පිරිසක් රත්‍රං කිලෝ ග්‍රෑම් 2ක් පැහැරගත් බව පවසමින් පොලිස්පතිවරයාට නිර්නාමික පෙත්සමක් ලැබී තිබුණි.අනතුරුව පුද්ගලයෙකු ඉදිරිපත් වී අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ද ගොනුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment