හෙට හිරු ප්‍රදේශ කිහිපයකට සැරයි

326

ප්‍රදේශ රැසක හෙට (14) උණුසුම් කාලගුණයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කෙරෙන බව පවසයි. මෙම උණුසුම් කාලගුණය බලපාන ප්‍රදේශ ලෙස නැගෙනහිර, උතුරු මැද පළාත් සහ කොළඹ, ගම්පහ, කුරුණෑගල, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව් සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක හදුනාගෙන ඇත. ඒ අනුව හිරු එළියට වැඩිවේලාවක් නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකිය. විජලනය ඇතිවීම සහ සිරුරේ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඩු පෙරලීම් සිදුවිය හැකි බවද අනතුරු අඟවයි.

advertistmentadvertistment
advertistmentadvertistment