තලංගම ගණිකා නිවාස 6 ක් වටලයි කාන්තාවෝ 23 ක් දැලේ

147

ශ්‍රී ලංකාවේ වැඩිම ගණිකා නිවාස තියෙන්නේ තලංගමලු

තලංගම නගරයේ ගණිකා නිවාස 6 ක් වටලා කළමනාකරුවන් හය දෙනකු සහ ගණිකා වෘත්තියේ නියැලුණු බව කියන කතුන් 23 දෙනකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පෙරේදා (15දා) රාත්‍රී සමත් විය.

දිවයිනේ වැඩිම ගණිකා නිවාස ප්‍රමාණයක් පිහිටා ඇති තලංගම නගරය කේන්ද්‍ර කරගනිමින් දිවා හා රාත්‍රී පැය 24 පුරා සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා නිවාස ක්‍රියාත්මක වන බවට මහජනතාවගෙන් හා විවිධ පාර්ශ්ව වලින් එම ඒකකයට ලද තොරතුරුවලට අනුව මෙම වැටලීම් සිදුකර ඇත.

කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තු මත මෙම වැටලීම් සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් තරුණියෝ හා කාන්තාවෝ අවුරුදු 20 ත් 35 ත් අතර වයසේ පසුවන දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි අය වෙති.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි කේ. ඒ. උදය කුමාර මහතාගේ අධීක්‍ෂණය යටතේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment