මෙරට ජනයාගෙන් 15%කට ඇදුම

59

මෙරට ජනගහනයෙන් සියයට 15කට ආසන්න පිරිසකට ඇදුම රෝගය සම්බන්ධ රෝග ලක්‍ෂණ පවතින බව පර්යේෂණයකදී අනාවරණය වී තිබේ.

එසේ වුවද ඇදුම රෝගය නිවැරදිව පාලනය කළ හැකි රෝගයක් බව වෛද්‍යවරු පවසති.

ලෝක ඇදුම දිනය මැයි මස 7 වැනිදාට යෙදී තිබේ.

ඇදුම රෝගය නිසා ලොව පුරා වසරකට පුද්ගලයෝ ලක්‍ෂ 5ක පමණ පිරිසක් මියයති.

නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීම තුළින් ඇදුම රෝගය නිවාරණය කරගත හැකි බව ශ්‍රී ලංකා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment