ළමා රක්ෂක පැමිණිලි ලිහන්න නීති නිලධාරීන්ගේ හිඟයක්

122

ජාතික ළමා රක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමට අඩුම වශයෙන් නිලධාරින් 10 දෙනකුවත් අවශ්‍ය බව එම අධිකාරියේ නීතිය බලගැන්වීමේ අංශයේ අධ්‍යක්ෂිකා නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය පැවසුවාය.

ළමා රක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමට මේ වනවිට සිටිනුයේ නිලධාරීන් (නීතිඥවරුන්) 4 දෙනකු පමණක් බව ද ඇය කියා සිටියාය.

මාධ්‍යවේදීන් සඳහා මාදිවෙල ජාතික ළමා රක්ෂක අධිකාරි ශ්‍රවණාගාරයේ පැවැති වැඩසටහනක දී ඇය එලෙස කියා සිටියාය.

ජාතික ළමා රක්ෂක අධිකාරියට මසකට පැමිණිලි 600ක් ලැබෙන බවත් ඇය කීවාය.

ඉන් සියයට 80ක්ම පැමිණිලි ලැබෙනුයේ 1929 ළමා උපකාරක දුරකථන සේවාව හරහා බව ද ඇය සඳහන් කළාය. කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ මෙම වසරේ (2023) ගතවූ මාස හතරක කාලයේ දී පැමිණිලි 2102ක් ලැබී ඇති අතර, ඉන් පැමිණිලි 894ක විමර්ශන කටයුතු ජාතික ළමා රක්ෂක අධිකාරිය විසින් අවසන් කර තිබේ. පැමිණිලි විමර්ශන කිරීමට කඩිනමින් තවත් නිලධාරීන් ලබාදෙන ලෙසට ජාතික ළමා රක්ෂක අධිකාරිය විසින් අදාළ බලධාරීන්ව දැනුවත් කර ඇතත් මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නැත.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment