ඇන්ටාර්ටික් කලාපයෙන් රෝගී පර්යේෂකයකු ගෙන ඒමට අයිස් කඩන නැවක්

484

ඇන්ටාක්ටික් කලාපයේ දුෂ්කර ප්‍රදේශයක පර්යේෂණ කටයුතුවල නිරතව සිටි ඔස්ටේ්‍රලියානු ජාතික පර්යේෂකයෙකු දැඩි ලෙස රෝගාතුර වීම හේතුවෙන් කිලෝ මීටර් 3000ක් දුරකට දැවැන්ත අයිස් කඩන නැවක් යවා ඔහුව මුදා ගෙන රැගෙන ඒමට ඔස්ටේ්‍රලියානු බලධාරීන් විසින් පෙරේදා (03දා) පියවර ගෙන තිබේ. මෙම රෝගාතුර වූ පර්යේෂකයා මුදා ගැනීමේ මෙහෙයුම සඳහා දැවැන්ත අයිස් කඩන නැවට අමතරව වෛද්‍ය කණ්ඩායමක් හා හෙලිකොප්ටර් යානා දෙකක් යොදා ගෙන ඇති බව ඔස්ටේ්‍රලියානු මාධ්‍ය පවසයි .

හෙළි නොකළ රෝගාබාධයකින් පෙළුණු අන්ටාර්ක්ටික් කලාපයේ පර්යේෂණ කටයුතුවල නිරත වූ පර්යේෂකයා ඊයේ (04දා) වන විට තස්මේනියාව වෙත ප්‍රතිකාර සඳහා ගෙන ගොස් තිබේ. අදාළ පර්යේෂකයා රැඳී සිටි මධ්‍යස්ථානයේ වෛද්‍ය පහසුකම් අවම මට්ටමක පැවති ඇති බව හෙළි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment