සරම්ප යළි බෝවුණේ අවිද්‍යාව නිසා

125

මෙරටින් 2019 වසරේ තුරන් කරනු ලැබූ සරම්ප රෝගය නැවත මතුවීමට හේතුව අවිද්‍යාව මත පිහිටා සරම්ප එන්නත් නොගත් හත්දහස් පන්සීයත් දසදහසත් අතර පිරිසක් සිටීම යැයි සෞඛ්‍ය අනාවරණය කර ගෙන තිබේ.

2019 වසරේ සරම්ප රෝගයෙන් තොර රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබූ නමුත් මේ වසරේ (2023) මැයි 23 වැනිදා යළි සරම්ප රෝගියකු කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණි. ඒ සමග පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා සරම්ප රෝගීන් 700 දෙනකුට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

ඉන් වැඩිමනක් රෝගීන් ප්‍රමාණයක් කොළඹ ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත. එසේම කළුතර, ගාල්ල, මහනුවර, මාතර, කුරුණෑගල සහ කල්මුණේ ප්‍රදේශයෙන් ද සරම්ප රෝගීන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සඳහන් කරයි. එන්නත් ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කරයි. එක් ආසාදිතයකුට තවත් තැනැත්තන් 16 දෙනකුට බෝ කළ හැකි බැවින් මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසත් සඳහන් කරන හෙතෙම කොවිඩ් ආසාදිතයකුට බෝ කළ හැක්කේ තවත් තැනැත්තන් හතරදෙනකුට බවත් සිහිපත් කරයි.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment