ශ්වසන රෝග බෙහෙත් හිඟයි

182

ශ්වසන රෝග සඳහා අවශ්‍ය ඖෂධ බොහොමයක් රජයේ රෝහල්වල හිඟ වීම හේතුවෙන් පවතින ශීත කාලගුණික තත්ත්වය හමුවේ රෝගීන් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

පවතින කාලගුණික තත්ත්වයත් සමග ඇදුම, හතිය, ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදන ඇතුළු ශ්වසන රෝගවල වැඩි වීමක් වාර්තා වී ඇතැයි එම සංගමයේ ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශ කළේය.

ශ්වසන රෝග සඳහා බහුලව භාවිතා කරනු ලබන ඖෂධ කාණ්ඩ වන Aentihistemins, Stearoids, Aentibaities සහ Bronchodilators මෙන්ම එක් ඖෂධයක විවිධ සකස් කිරීම් වන (Tablet, Capsule, Syrep, Nebulizer Sloution, Dp Capsule, MDI inheler ආදීන්ගේ ද විශාල හිඟයක් පවතින බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment