සජිත් අරගලකරුවන් වෙනුවෙන් හඩ නගයි

184


රට තුළ භයානක තත්ත්වයක් නිර්මාණය වෙනවා. වහාම සාමකාමී අරගලයේ නිරත වූවන්ගේ ජීවිත ආරක්ෂා කරන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ ඉල්ලා සිටියේය.

රට තුළ බොහොම භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. පියත් නිකේෂල මහතාට කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න විසින් සංවිධානාත්මක කණ්ඩායමක් සමග එක්ව මැර ප්‍රහාරයක් එල්ල කර තිබේ. මේ වන විට මැර ප්‍රහාරයට ලක් වූ සහ මැර ප්‍රහාරය එල්ල කළ දෙපළම අත්අඩංගුවට ගෙන ඇත.

සමාජ මාධ්‍ය තුළ අරගලයේ නිරතවූවන්ගේ නම් ලයිස්තුවක් බෙදා හැරෙනවා. ඔවුන්ට පරිස්සමින් සිටින ලෙස විවිධ ප්‍රචාර යනවා. ජන අරගලයට සම්බන්ධ සියලු දෙනා මැර ප්‍රහාරවලට හා ජීවිත තර්ජනවලට ලක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment