පුංචි ඡන්දයට පෙර පළාත් සභා

264


පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇත.
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත මෙම නව පනත් කෙටුම්පත මඟින් අහෝසි වීම සිදුවේ.
එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වුවහොත් පැරණි මනාප ඡන්ද ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇත.ඒ අනුව පළාත් පාලන මැතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment