මහ බැංකුවෙන් බැංකුවලට දෙන ණයට තිබූ සීමා ලිහිල් කෙරේ

166

මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ලබාදෙන නිත්‍ය පහසුකම මත පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට පෙරේදා (07 දා) පැවැති මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

විවට වෙළෙඳපොළ කටයුතු යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට මෙම නිත්‍ය පහසුකම ලබාදෙනු ලබයි.

මේ අනුව 2024 ජනවාරි මස 16 වැනිදායින් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාලසීමාවේ සිට බලපැවැත්වෙන පරිදි නිත්‍ය ණය පහසුකම සඳහා පවතින සීමාවන් ඉවත් කරනු ලබන බවත් ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම මත පැවැති සීමාව දෙන ලද දිනදර්ශිත මාසයක් තුළ වාර පහක සිට වාර දහයක් දක්වා ඉහළ නංවා ඇති බවත් මහ බැංකුව පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment