ඔන්ලයින් පනතෙන් මැතිසබය ඊයේත් උණුසුම්

37

සම්මත කර ගනු ලැබූ සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ පනත සම්බන්ධයෙන් විපක්ෂය සහ ආණ්ඩුව අතර පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) දිනයේදී ද වාදයක් ඇතිවිණ.

අදාළ පනතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් සංශෝධන ඇතුළත් නොකිරීමෙන් ආණ්ඩුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා එහිදී පැවසීය.

පනතෙහි අඩුපාඩු ඇති බැවින් ඒවා යළි සකස් කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් අවශ්‍ය බව පනතේ දෝෂ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

ආණ්ඩුව වෙනුවෙන් ඊට පිළිතුරු දුන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ද දීර්ඝ ලෙස අදහස් දක්වමින් පනතෙහි අඩුපාඩු ඇත්නම් ඒවා සාකච්ඡාවෙන් විසඳා ගැනීමට කටයුතු කරමු යැයි සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment